23.4 C
Colombo
2026-01-28
mediahumanrights.lk
Local NewsNews

”එකෙක් හිරේ – අනිකා වලේ” ත්‍රීරෝද රථ සංගමයේ සභාපති ඝාතනයෙන් සතුටූ වූ හිටපු මන්ත්‍රී කහඳගම සතුටු වුන හැටි

ජාතික ත්‍රී රෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කොළඹ නාගරික මන්ත්‍රීවරයෙක්ව සිටි මහින්ද කහඳගම මහතා සිය සතුට පළ කර තිබෙනවා. සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් ඔහු මේ බව ප්‍රකාශ කර ඇති අතර එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබුනේ සුනිල් ජයවර්ධන මහතාට සිදුව ඇත්තේ කර්මය පළ දීමක් බවයි.

එ‍සේම 2015 වසරේදී තමන්ට අසාධාරණ චෝදනා එල්ල කරමින් සිරගත කරවීමට සුනිල් ජයවර්ධන මහතා මුල් වූ බවද ඔහු සදහන් සිය ෆේස්බුක් සටහන මගින් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ ජාල පරිශීලකයන්ගෙන් ඔහුට  දැඩි චෝදනා එල්ල වුනා.

මේ අතර කොළඹ පදික වෙළඳුන්ගෙන් අනිසි ලෙස මුදල් අයකිරිම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මහින්ඳ කහදගම මහතා  රක්ෂිත බන්ධනාගාර ගතව සිටි අයෙකු වන අතර නෙත් එෆ්.එම් බැලුම්ගල හරහාද මීට පෙර ඔහුගේ කූඨ සැළසුම් පිළිබඳ අනාවරණ කෙරුණා.
(under the courtesy of nethgossip.lk news web)

Related posts

‘රෝහිතට කොරෝනා හැදී නුවර ජනාධිපති මන්දිරයේ… ගුවනින් කොළඹ සිට කෑම යවයි..’ පුවත ගැන හමුදාපති පහදයි…

Shiran Viraj

හෘද සාක්ෂියට අනුව කටයුතු කළ යුතුයි

Shiran Viraj

Corona : තවත් 04ක් හදුනාගනී.. එලූ දැලෙන් මිස පිටින් නොවේ..

Shiran Viraj
Translate »