22.2 C
Colombo
2026-01-22
mediahumanrights.lk
Local NewsNews

වැලි මුහුදට ගසාගෙන යෑමෙන් ඉදිරියේදී අහිතකර ප්‍රතිවිපාක ඇති විය හැකියි – පරිසරවේදීන් කියයි

ගල්කිස්ස වෙරළ තීරයේ සිට කළුතර කැලිඩෝ වෙරළ තීරය දක්වා නිර්මාණය කළ කෘතීම වැලි පෝෂණ තීරයේ වැලි මුහුදට ගසාගෙන යාම හේතුවෙන් ඉදිරියේදී අහිතකර ප‍්‍රතිවිපාක ඇති විය හැකි බවට පරිසරවේදීන් අනතුරු අගවනවා.

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පැවසුවේ නිසි පරිසර ඇගයීම් වාර්තාවකින් තොරව සිදුකළ මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ධීවර ප‍්‍රජාවට මෙන්ම ජලඡ ජීවින්ටද හානි සිදුවිය හැකි බවයි.

කෙසේවෙතත් වෙරළ සංරක්‍ෂණ සහ වෙරළ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුවේ වෙරළ සංවර්ධන අංශයේ ප‍්‍රධාන ඉංජිනේරු සූජීව රණවක ප‍්‍රකාශ කළේ මෙම ව්‍යාපෘතිය හරහා ධීවරයින්ට අලූතින් වෙරළක් ලැබුණු බවයි.

ගල්කිස්ස වෙරළ තීරයේ සිට කළුතර කැලිඩෝ වෙරළ තීරය දක්වා කෘතීම වැලි පෝෂණ තීරයක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය හරහා වැය කෙැරණු මුදල රුපියල් කෝටි 89 ක්.

ඒ සඳහා පරිසර අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කර ඇත්තේ 2019 වසරේ අප්‍රෙල් මස පළමු වැනිදායි. ඊට ඉකුත් වසරේ මැයි මස 8 වැනිදා අනුමැතිය හිමි වනවා. ඉකුත් වසරේ සැප්තැම්බර් 12 වැනිදා ටෙන්ඩර් කැදවීම අවසන්වීමෙන් පසු තෝරාගත් සමාගමේ ටෙන්ඩරය ඔක්තෝම්බර් 8 වැනිදා ටෙන්ඩර් මණ්ඩලයෙන් අනුමත වනවා. ඒ අනුව ඩෙන්මාර්ක් සමාගමකට ඊට අදාළ ව්‍යාපෘතිය පැවරෙන අතර මේ වසරේ ජනවාරි 14 වැනිදා අනුමත වු අදාළ ටෙන්ඩරයට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි වනවා.

ඉකුත් ආණ්ඩුව සමයේ ඉදිරිපත් වූ මෙම කැබිනට් පති‍්‍රකාව සම්බන්ධයෙන් ඉකුත් ආණ්ඩුවේ කැබිනට් අමාත්‍ය ධුරයක් දැරූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පාඨලි චම්පික රණවකද අදහස් පළ කළා.

එහිදී ඔහු පෙන්වා දුන්නේ “දැන් අසාර්ථක වුණාට පස්සේ කියනවා මේක ගිය ආණ්ඩුවේ වැඩක් කියලා” යනුවෙනි.

<

පරිසරවේදී නීතිඥ ජගත් ගුණවර්ධන පැවසුවේ හදිසියේ මෙවැනි ව්‍යාපෘතියක් කි‍්‍රයාත්මක කළේ මන්දැයි සොයා බැලීම අත්‍යවශ්‍ය බවයි.

ඉකුත් පෙබරවාරි මස 29 වැනිදා ආරම්භ වූ මෙම ව්‍යාපෘතියේ කටයුතු අපේ‍්‍රල් 22 වැනිදා අවසන් වුණා. ඒ අනුව මෙම කෘතිම වැලි පෝෂණ තීරය දින 40 කට පමණක් සීමා වුණා. මෙම ව්‍යාපෘතිය කි‍්‍රයාත්මක වුණේ ඇදිරි නීතිය සමයේයි. එලෙස හදිසියේ ව්‍යාපෘතිය සිදුකිරීමට බලපෑ හේතු වෙරළ සංරක්‍ෂණ සහ වෙරළ සම්පත් කළමණාකරණ අධ්‍යක්‍ෂ ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මෙලෙස පැහැදිලි කළා.

එහිදී සඳහන් කෙරුණේ ව්‍යාපෘතිය නිම කිරීමට දී තිබූ කාලය මාස 03ක් බවත් සිය අවශ්‍යතාවයක් මත ව්‍යාපෘතිය නතර කිරීමට සිදු වූවහොත් අදාළ සමාගමට ගෙවීම් කරන්නට සිදුවෙන බවයි.

ස්වභාවික සුන්දරත්වයෙන් අනූන ගල්කිස්ස වෙරළ තීරයේ ස්වභාවික පිහිටීම් පවා වෙනස් කරමින් මෙම කෘතිම වැලි පෝෂණ තීරය නිර්මාණය කිරීම සම්බන්ධයෙන් ඉකුත් සමයේ දැඩි කතාබහක්ද මතු වුණා. අපේක්‍ෂිත ප‍්‍රමාණයට වඩා වැලි මුහුදට ගසාගෙන යාමට පසළොස්වක පොහොය සහ ඇති වූ කුණාටු තත්ත්වයද හේතුවූ බවයි වෙරළ සංරක්‍ෂණ සහ වෙරළ සම්පත් සංවර්ධන දෙපාර්තමේන්තුව පැවසුවේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

AI පාලනයට ගෝලීය ක්‍රියාකාරී සැලැස්ම: ජාත්‍යන්තර සහයෝගීතාවට විශේෂ අවධානයක්

Shiran Viraj

බෙන්තර මුහුදු තීරයේ නෞකාවක ගින්නක් හටගෙන නැහැ

Shiran Viraj

YouTube නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුළ මුදල් ඉපයිමට කදිම අවස්ථාවක්

Shiran Viraj
Translate »