mediahumanrights.lk
Local NewsNews

කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් පන්නයේ සාහසික ක‍්‍රියාවක්..- මංගල

ශ්‍රී ලංකාවේ කුඩා දරුවන් පැවිදි කිරීම තලේබාන් සංවිධානය කුඩා දැරියන් ළමා මනාලියන් කිරීම සේ ඉතා සාහසික ක්‍රියාවක් බව හිටපු ඇමැති මංගල සමරවීර මහතා සඳහන් කරයි.

මෙම ක්‍රියාව දරුවන්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් බවත් තම ට්විටර් ගිණුමේ හු සටහන් කර ඇත.

සමාජ ජාලාවල හුවමාරු වන මෙරට කුඩා දැරියක පැවිදි කිරීමේ පින්තූර සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ඔහු මෙසේ සදහන් කරයි.

මෙම සිදුවීම කොටි සංවිධනයේ ළමා සොල්දාදුවන් සහ තලිබාන්වරුන්ගේ ළමා මනාළියන් තරමටම කම්පනයට පත් කරන බවත් එමගින් ඉතා සාහසික ලෙස දරුවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් සිදු වනබවත් එම සටහනේ දැක්වෙයි.

Related posts

කුරුඳුගහහැතැක්ම තැපැල් ස්ථානාධිපතිනියගේ මරණ පරීක්ෂණයේදී හෙළිවූ රහස – Video

Shiran Viraj

අම්පාරේ මුහුද ගොඩ ගලයි.. සුනාමි යයි ජනතාව භීතියෙන්..

Shiran Viraj

වැ‍ලේ වැල් නැතුව කාගේ හරි එල්ලෙන්න බලාගෙන ඉන්න අයව අවුස්සගන්න එකත් තේරුමක් නැහැනේ – අනිත් එක තමයි ඇය මට හරිම පිළිකුල් නිළියක් – විශ්ව ලංකා

Shiran Viraj
Translate »