mediahumanrights.lk
International NewsNews

ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් චීනයට අනතුරු ඇඟවීමක්

කොරෝනා වෛරස ව්‍යාප්තිය පිළිබඳව චීනය වඩාත් සැලකිලිමත් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

චීනයේ බීජිං නුවරින් යළිත් වරක් කොරෝනා ආසාදිතයින් වාර්තාවීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඊයේ (15) දිනයේ දී බීජිං නුවරින් නව කොවිඩ් ආසාදිතයින් 27 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අනුව ගත වු දින පහක කාලය තුළ බීජිං නගරයෙන් කොවිඩ් ආසාදිතයින් 106 දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වෙයි.

වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මේ වන විට බීජිං නුවර ප්‍රදේශ කිහිපයක සංචරණ කටයුතු සීමා කිරීමට ද බලධාරීන් පියවර ගෙන තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

එල්.ටී.ටී.ඊ සොහොන් කොත් ප්‍රතිසංස්කරණයට රුපියල් ලක්ෂ හතලිහක්

Shiran Viraj

රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පිය සංගමය සහ සයිටම් ශිෂ්‍ය දෙමව්පිය සංසදය අත්සන් තැබූ යෝජනා ක්‍රියාත්මක කරන්නලු

Shiran Viraj

අපරාධකරුවන් උපදිනවාද? උපද්දනවාද?

Shiran Viraj
Translate »