mediahumanrights.lk
News Political

මහ මැතිවරණය අගෝස්තු මාසයට යනු ඇති බවට වාර්තා

මැතිවරණ කොමිෂන් සභාවේ විශේෂ සාකච්ඡාවක් අද (03) පැවැත්වෙනවා. බොහෝ දුරට මෙම සාකච්ඡාවේදී මැතිවරණය පැවැත්වෙන දිනය තීරණය කරනු ඇති බවටයි වාර්තා පළ වන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ (02) දිනයේ දෙනු ලැබූ තීරණය සහ ඒ අනුව ඉදිරියේදී ගතයුතු කි‍්‍රයාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය පෙරේදා ප‍්‍රකාශ කළේ දින 60 ත් 70 ත් අතර කාලයක් තුළ මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇති බවයි. ඒ, වෙනදාට වඩා වැඩි කාර්ය මණ්ඩලයක් මැතිවරණය සදහා යොමු කිරීමට සිදුවීම හා ඊට සැලසුම් සකස් කිරීමට අවශ්‍යවීම හේතුවෙන්.

මැතිවරණය පැවැත්වීම සදහා සෞඛ්‍ය බලධාරීන්ගෙන් අදාළ නිර්ණායක ලබා ගන්නා බවයි මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කළේ. කෙසේවෙතත් මැතිවරණය තවදුරටත් කල් දැමීමට කිසිදු සූදානමක් නොමැති බවත් කඩිනමින් මැතිවරණය පැවැත්වීමට සූදානම් බවත් ඔහු අවධාරණය කළා.

නීතිවේදීන් පවසන්නේ ඊයේ ලැබුණු නඩු තීන්දුවත් සමග මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසමට පැවති බාධා ඉවත් වූ බවයි. ඒ අනුව දැන් සිදුකළ යුත්තේ වහාම මැතිවරණය පැවැත්වීම බව ජනාධිපති නීතිඥ අලි සබ්රිද සදහන් කළා.

දේශපාලන විචාරකයින් පවසන්නේ පවතින තත්ත්වය මත මහ මැතිවරණය අගෝස්තු මාසයට කල් යනු ඇති බවයි. පවතින තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය උපදෙස් මත මැතිවරණ මෙහෙයුම සකස් කිරීමට සැලකිය යුතු කාලයක් අවශ්‍ය වනු ඇති බවටද ඔවුන් විශ්වාසය පළ කළා.

මේ අතර රජයේ මුද්‍රණාලය ඊයේ දිනයේම ඡන්ද පති‍්‍රකා මුද්‍රණය කිරීමද ආරම්භ කිරීමටයි කටයුතු කළේ. ඒ, ඡන්ද පති‍්‍රකා මිලියන 17 ක් මුද්‍රණය කිරීමේ අරමුණින්.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ලංගම බසය ජීවිතයක් නතර කරයි

Shiran Viraj

සජිත් පිහිටුවන ආණ්ඩුවේ අමාත්‍යංශ ලේකම්වරුන් නම් කරයි…

Shiran Viraj

ඩීසල් ලීටරයකින් 12ක් පාඩුයි.. මොකද කරන්නේ…

Shiran Viraj