mediahumanrights.lk
Local NewsNews

‘‘කාන්තාර පලගැටියන්’’ ද ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක්

කෑගල්ලෙන් ආරම්භ වූ කහ තිත් පලගැටි උවදුර මේ වන විට තවත් දිස්ත‍්‍රික්ක කිහිපයක ව්‍යාප්ත වෙමින් තිබියදී ‘‘කාන්තාර පලගැටියන්’’ ද ශ‍්‍රී ලංකාවට පැමිණීමේ අවදානමක් පිළිබඳ අනතුරු ඇගවීමක් කෙරෙනවා.

ගන්නෝරුව කෘෂිකර්ම තොරතුරු හා තාක්ෂණ ආයතනයේ සහකාර අධ්‍යක්ෂ සනත් එම්. බණ්ඩාර පැවසුවේ ගොවීන් ඒ පිළිබඳවද විමසල්ලෙන් සිටිය යුතු බවයි. අප්‍රිකාවේ සිට ඉන්දියාව දක්වා මේ වන විට කාන්තාර පළගැටියා පැමිණ ඇති බව ද පෙන්වා දුන්නා.

මේ අතර කෑගල්ල දිස්ත‍්‍රික්කයෙන් පළමුවරට හමුවූ කහ තිත් පළඟැටියා මේ වන විට හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ වගාවන් ද ආක‍්‍රමණය කර තිබෙනවා.  

ඒ අනුව හානියට ලක් වූ වගාබිම් ඊයේ කෘෂිකර්ම අමාත්‍ය චමල් රාජපක්ෂ විසින් ද නිරීක්ෂණය කළා.

මෙම කහ තිත් පළඟැටියන් රසායනික ද්‍රව්‍ය භාවිතය අවම කරමින් යාන්ත‍්‍රික ක‍්‍රම මගින් මර්දනය කිරීමට වැඩි ප‍්‍රමුඛතාවක් දී ඇති බවයි කෘෂි බලධාරීන් පවසන්නේ.

මෙම උවදුර පිළිබඳ දැනුම් දීමට දුරකථන අංක දෙකක් ද ගොවීන් වෙනුවෙන් විවෘත කර තිබෙනවා. ඒ 1920 ක්ෂණික ඇමතුම් අංකය සහ 081 2 388 316 යන දුරකථන අංකයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

හෙට තරගයේ ආරක්ෂාවට පොලිසියේ 1000ක්! CCTV කැමරාත් යොදාගනී

Shiran Viraj

දමිළ නළු විජේගේ ලාංකික බිරිය කොටහේනෙන් මිලට ගත් ඉඩමට හොර ඔප්පු හදලා

Shiran Viraj

බංග්ලාදේශයේ සිටි ලංකික සිසුන් කණ්ඩායමක් දිවයිනට

Shiran Viraj
Translate »