mediahumanrights.lk
Local NewsNews

සුවය ලැබු කොරෝනා ආසාදිතයින් ගණන 215 ක්

අද(06) උදෑසන 10 වන විට තවත් කොරෝනා ආසාදිතයින් දෙදෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 215 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ(05) දිනය තුළ කොවිඩ් නයින්ටීන් අසාදිතයින් 20 දෙනෙකු හඳුනා ගැනිමත් සමඟ මෙරට කොවිඩ් ආසාදිතයින්ගේ සංඛ්‍යාව  771 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.

වෛරස ආසාදිතයින් 16 දෙනෙකු ඊයේ දිනයේ දි  පුර්ණ සුවය ලබා පිටව යාමත් සමඟ සුවය ලැබු මුළු සංඛ්‍යාව 213ක් දක්වා ඉහළ ගොස්  ඇති බව වසංගත රෝග විද්‍යාංශ අංශ සඳහන් කළේය.

මේ වන විට ආසාදිතයින් 547 දෙනෙකු රෝහල්ගතව වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

ඊයේ මෝදර ප්‍රදේශයේ මියගිය කාන්තාවත් සමඟ වෛරසය ආසාදනය වීමෙන් මෙරටින් මරණ 09ක් වාර්තා වෙයි.

කෙසේ වෙතත් අදාල කාන්තාවට වෛරසය ආසාදනය වු ආකාරය සම්බන්ධයෙන් තවමත් නිශ්චිතව අනාවරණය වී නොමැති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

කොරෝනා මැඩලූ කොරියා ජනපතිට මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයක්.. විපක්‍ෂය සෝදාපාලුවකට ලක්වේ..

Shiran Viraj

ලෝක විවාහක රූ රැජිණ කිරුළ දිනූ කැරොලින් මව්බිමට

Shiran Viraj

"සයිටම් එපා නම් රජයේ රෝහල් තුළ OT කරන්න"

Shiran Viraj
Translate »