mediahumanrights.lk
NewsPolitical

ලක්‍ෂ 69ක් ඡන්දය දුන්නා කියා හරියන්නෑ.. ජනාධිපති පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලක්ෂ 69 ජනතාවක් ඡන්දය දුන්නා කියා ව්‍යවස්ථාව කඩන්නට කිසිම අයිතියක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

පාර්ලිමේන්තුව මාස තුනකට වඩා රැස් නොවී සිටිය නොහැකි වූ නිසා වහාම ඒ සඳහා අදාල ව්‍යවස්ථානුකූල ක්‍රියාමාර්ග ගත යුතු බවත් ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ උපදෙස් ගත හැකි බවත් ඔහු පැවසීය.

ජනාධිපතිවරයෙක් කටයුතු කළහැකි මාසයක් පමණක් බවත් පාර්ලිමේන්තුව නොමැතිව මාස තුනක් පමණක් බවත් ව්‍යවස්ථාවේ පැහැදිලිව ඇතැයිද ඔහු කියා සිටියේය.

සිරස රූපවාහිනියේ සටන වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා දිගින් දිගටම කියා සිටින්නේ පැවති පාර්ලිමේන්තු කැඳවිය යුතු බවයි.
(under the courtesy of lankacnews.com news web)

Related posts

"මතක තියාගන්න ඔයාගෙ බිරිඳ කියන්නෙත් හැඟීම් විඳින්න කැමති ජීවියෙක්"- විවාහයට පෙර දිනයේ මවක් තම පුතුට කියූ සංවේදී කතාවක්

Shiran Viraj

විමල්ගේ තත්ත්වය අසාධ්‍යයිලු

Shiran Viraj

වැලන්ටයින් ලස්සන උනාට බරපතල වරදක් (ඡායා)

Shiran Viraj
Translate »