23.4 C
Colombo
2026-01-28
mediahumanrights.lk
Local NewsNews

කොළඹ සහ ගම්පහ හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ඉවතට

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ඉවත් කර තිබේ.

අද(11) උදෑසන 05.00ට එම දිස්ත්‍රික්කවලට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය රාත්‍රි 08.00ට යළි ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය.

ඒ අනුව නැවත දැනුම් දෙන තුරු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රි කාලයේදී පමණක් ක්‍රියාත්මක වෙයි.

මීට පෙර ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වූ කළුතර සහ පුත්තලම  දිස්ත්‍රික්කවල ද ඇඳිරි නීතිය ලිහිල් කිරිමට රජය ඊයේ තීරණය කර තිබුණි.

මේ අතර  ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි ඇඳිරි නීතිය තිබියදී සාමාන්‍ය ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්ත්වයට පත් කිරිම අද සිට ආරම්භ කරන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

ඒ අනුව රාජ්‍ය සහ පෞද්ගලික ආයතන විවෘත කිරිමට පියවර ගෙන තිබේ.

ඒ යටතේ පුද්ගලයින්ට සේවා කටයුතු සඳහා ගමනා ගමනයට  අවසර හිමි වෙයි.

එක් එක් ආයතනවල ප්‍රධානීන් විසින් සේවයට වාර්තා කළ යුතු සේවික සේවිකාවන් සම්බන්ධයෙන් ක්‍රමවේදයක් සකස් කළ යුතු බවයි රජය පවසන්නේ.

ඒ යටතේ අදාල සේවික සේවිකාවන් කැඳවිමට අදාල  දැනුම්දීමක් සිදු කළ යුතු අතර එම දැනුම්දීම සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික පිටපතක් සහ ආයතනික හැඳුනුම්පත හෝ ආයතනයෙන් ඉදිරිපත් කළ ලිපියක් ඔවුන් සතුව තිබිය යුතු බව පොලීසිය පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

මධ්‍යම පළාත් සභාව පොලිතීන් තහනම් කරන්න සැරසෙයි

Shiran Viraj

මගේ වගකීම තාත්තා නවත්තපු තැනින් ඉදිරියට සංවර්ධනය කිරීමයි..

Shiran Viraj

තවත් මත්පැන් බලපත‍්‍ර..

Shiran Viraj
Translate »