mediahumanrights.lk
Local NewsNews

කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයන් පුච්චන්න එපා.. භූමදාන කරන්න ඔ්නෑ..- ජමියතුල් උලමා ඉල්ලයි

කොරෝනා ආසාදනයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් භූමදානය කිරීමට අවසර දෙන ලෙස නැවත වතාවක් රජයෙන් ඉල්ලීමක් කර ඇත.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම කර ඇත්තේ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානය විසිනි.

එම ලිපියේ දැක්වෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මග පෙන්වීම මත ලෝකයේ රටවල් 180 ක පමණ මෙම ක්‍රමය ක්‍රියාත්මක කරන බවයි.

එනිසා මුස්ලිම් ජාතිකයන්ගේ දේහයන් නිසි ආරක්ෂක ක්‍රම යටතේ පොලිස් හා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්ෂණය මත මිහිදන් කිරීමට අවස්ථාව ලබා දෙන්නැයිද ලිපියෙන් ඉල්ලා ඇත.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රටින් පැන ගියේ නෑ.. මං රාජකාරි වැඩකට ස්විට්සරලන්තයට ආවා…

Shiran Viraj

ජනාධිපති අලුත් රූපවාහිනී නාලිකාවක් අරඹයි.. “හෙළවත්, හරවත්, හිතවත්”

Shiran Viraj

‘රණවිරු ඇපරල්’ ලේබලයෙන්ම මැසූ හමුදා නිල ඇදුම් දහසක් අත්අඩංගුවේ..

Shiran Viraj
Translate »