25.6 C
Colombo
2026-02-20
mediahumanrights.lk
NewsPolitical

අගමැති කැඳවූ හිටපු මන්ත්‍රීවරුන්ගේ රැස්වීම ඇරඹෙයි – විපක්ෂයේ ප්‍රධාන පක්ෂ රැස්වීම මඟහරියි

පැවති පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මන්ත්‍රීවරුන්ගේ හමුව අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මේ වන විට අරලියග මන්දිරයේ දී පැවැත්වෙයි.

අද(04) පෙරවරු 10.00ට එම සාකච්ඡාව ආරම්භ වූ බව අද දෙරණ වාර්තාකරුවන් සඳහන් කළේය.

කොවිඩ් වසංගත තත්ත්වය සම්බන්ධයෙන් රජය ගනු ලැබු සහ ගැනීමට නියමිත ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරිම සහ ඔවුන්ගේ අදහස් විමසීමට අග්‍රාමාත්‍යවරයා විසින් මෙම සාකච්ඡාව කැදවනු ලැබුවේය.

ඒ අනුව සාකච්ඡාව සදහා විපක්ෂය නියෝජනය කරමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන්, එම්.කේ.සුමන්තිරන් සහ මාවෙයි සේනාධිරාජා යන හිටපු මන්ත්‍රීවරුන් එක්ව සිටියි.

කෙසේවෙතත් එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කිසිදු හිටපු මන්ත්‍රීවරයෙකු මෙම සාකච්ඡාව සදහ සහභාගි වී නොමැති බව වාර්තා වෙයි.

මේ අතර විපක්ෂයේ ඇතැම් කණ්ඩායම් සාකච්ඡාවට සහභාගී නොවීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සාකච්ඡාවට සහභාගී විමට පෙර මාධ්‍ය වෙත මෙලෙස අදහස් පල කළේය.

lanka lead news

Related posts

ගූගල් සමාගමෙන් ප්‍රශ්න කරයි

Shiran Viraj

වෛද්‍ය චමල් සංජීව CID කැදවයි..

Shiran Viraj

පාඩු ලබන ප‍්‍රධාන පෙලේ ආයතනයක ලොක්කන් අටක පඩිය කෝටි 11යි..

Shiran Viraj
Translate »