2026-02-02
mediahumanrights.lk
Local NewsNews

හූල්ට එරෙහිව විශ්වාසභංගයක්

මැතිවරණ කොමිසමේ සාමාජික ආචාර්ය රත්නජීවන් හූල් එම කොමිසමේ ස්වාධීනත්වයට හානිවන ලෙස ප්‍රකාශ නිකුත් කරන නිසා ඉදිරි පාර්ලිමේන්තුවේදී ඔහුට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනැවිත් ධුරයෙන් නෙරපා හරින බව ශ්‍රී.ල.නි.ප. මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට දැන්වීය.

මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේ ඉදිරි මහ මැතිවරණය ගැන තීන්දු ගැනීමට පක්ෂ මහ ලේකම්වරුන් හා මැතිවරණ කොමිසම අතර පැවැති සාකච්ඡාවේදීය. එම සාකච්ඡාවට මැතිවරණ කොමිසම වෙනුවෙන් එහි සභාපති මහින්ද දේශප්‍රිය හා සාමාජික ජනාධිපති නීතිඥ නලීන් අබේසේකර මහතා සහභාගී වූ නමුත් ආචාර්ය (හූල්) ඊට පැමිණ සිටියේ නැත.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් දෙදෙනෙක් කොළඹදී එකක් කියන විට රාජන් හූල් මහතා යාපනේ සිට වෙනත් ප්‍රකාශයක් කරන බැව් පෙන්වා දුන් දයාසිරි ජයසේකර මහතා මේ තත්ත්වය ස්වාධීන මැතිවරණ කොමිසමටද ප්‍රශ්නයක් යැයි කීය.

වැඩිදුරටත් කරුණු දැක්වූ ශ්‍රීලනිප මහ ලේකම්වරයා පැවසුවේ මෙරට මැතිවරණය ගැන අපේ සෞඛ්‍ය බලධරයන් විමසා තීන්දුවක් ගතයුතු නමුත් රත්නජීවන් හූල් කියන්නේ ලෝක සෞඛ්‍ය සංවිධාන නිර්දේශ මත මහ මැතිවරණය පැවැත්විය යුතු බවය. එය කිසිසේත්ම අනුමත කළ නොහැකි බවද මහලේකම්වරයා කීය.

ශ්‍රීලනිප මහ ලේකම්වරයා මෙලෙස රාජන් හූල් මහතාට චෝදනා නගන විට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා හෝ එහි සාමාජික ජනාධිපති නීතීඥ නලීන් අබේසේකර මහතා හෝ සියල්ල නිහඬව අසාගෙන සිටියා මිස කිසිම පිළිතුරක් දුන්නේ නැත.

lanka lead news

Related posts

දේවස්ථානයක් තුළ සිදුවු වෙඩි තැබීමකින් 14ක් මරුට

Shiran Viraj

ලක්ෂ 90ක පඩියට ගත් ශ්‍රී ලංකන් සුදු ප්‍රධානියා වැඩ අල්ලයි, මිලියන 600ක වංචාවක් යට ගහයි..

Shiran Viraj

ගහෙන් වැටුන සජිත්ට ගොනාත් අනී.. විපක්‍ෂ නායකත්වයත් රනිල්ට ගන්න සූදානම්.. මැතිවරණයේ තේමාව ‘ගෝටා ජනපති, සජිත් අගමැති, රනිල් එජාප නායක’

Shiran Viraj
Translate »