27.2 C
Colombo
2025-12-17
mediahumanrights.lk
Local NewsNews

වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් ගණන ඉහළට

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු නොවු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව 192 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පවසන අයුරින් එය අද උදෑසන වන විට මෙලෙස වර්ධනය වී ඇත.

අද(20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 295 ක් වු බව ඒ මහතා සඳහන් කරයි.

අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.

මේ අතර පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වන විට කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත
(under the courtesy of adaderana.lk news web)

Related posts

ගමනාගමන පහසුකම් නෑ! උතුරේ පාසල් 2018 සිට ආරම්භය උදේ 8.00ට

Shiran Viraj

විදෙස් ගුවන් සේවා ලංකාවට පැමිණීම නවතන්න හෝ අඩු කරන්න තීරණය කරති..

Shiran Viraj

කොළඹ කොටස් බියකරු කඩා වැටීමක.. අද ඒකක 500කින් කඩා වැටේ..

Shiran Viraj
Translate »