2026-02-12
mediahumanrights.lk
Local NewsNews

වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් ගණන ඉහළට

මේ වන විට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු නොවු වෛද්‍ය අධීක්ෂණය යටතේ සිටින රෝගීන් සංඛ්‍යාව 192 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

වසංගත රෝග විද්‍යා අංශය පවසන අයුරින් එය අද උදෑසන වන විට මෙලෙස වර්ධනය වී ඇත.

අද(20) දිනය තුළ තවත් කොරෝනා ආසාදිතයින් 24 ක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

ඒ අනුව ලංකාවේ සමස්ත ආසාදිතයින් ගණන 295 ක් වු බව ඒ මහතා සඳහන් කරයි.

අද දිනයේ වාර්තා වු සියලුම රෝගීන් හමු වී ඇත්තේ කොළඹ 12, බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ නිරෝධායනයට ලක් වෙමින් සිටින පිරිසකි.

මේ අතර පුද්ගලයින් 96 ක් දෙනෙක් සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

මේ වන විට කොරෝනා ආසාදිත මරණ 7 ක් ලංකාවෙන් වාර්තා වී ඇත
(under the courtesy of adaderana.lk news web)

Related posts

කැබිනට් ඇමතිවරුන් පිරිසක් දිවුරයි… ලයිස්තුව මෙන්න…

Shiran Viraj

ආණ්ඩුවේ අවසානය ඩලස්ගේ පෑනෙන් ලියා දන්වයි.. අගමැතිට ඉවත්වන්න අන්තිම අවස්ථාව දෙයි..

Shiran Viraj

අවුරුද්දටවත් කැට ගහන්න බැරිදැයි කාන්තාවක්‌ විමසලා; කැටපොළේදී පොලිස්‌ ස්‌ථානාධිපතිට වට කරගෙන පහරදීලා

Shiran Viraj
Translate »