2026-02-10
mediahumanrights.lk
Local NewsNews

ප‍්‍රජාතන්ත‍්‍රවාදය මරණයෙන් බේරා ගැනීම සදහා පැවති පාර්ලිමේන්තුව කැදවිය යුතුයි..- JVP

ප්‍රජාතන්ත්‍රවාදය මරණයට පත් වීම වැළැක්වීම සඳහා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

එම පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දෙන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරි පසු මාස තුනක් යාමට පෙර පාර්ලිමේන්තුව කැඳවීම යුතු බව ව්‍යවස්ථාවේ ඇත්තේ එනිසා බවයි.

එසේ නොමැතිව පැවති පාර්ලිමේන්තුව කැඳවිය යුත්තේ කොරෝනා වලට බෙහෙත් සොයා ගැනීමට නොවන බව ඔහු පවසයි.

ඒ අනුව එම ව්‍යවස්ථාවේ ඇති ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා පැවති පාර්ලිමේන්තුව යළි කැඳවිය යුතු බව ද ඔහු කියා සිටියේ.

එසේ නැතිව පැවති පාර්ලිමේන්තුව කැඳවූවද නැති වුවද තම පක්ෂයට ප්‍රශ්නයක් නැතැයි ද ඔහු තවදුරටත් සඳහන් කළේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනපතිගේ අත්සන ව්‍යාජව යෙදූ සැකකරුවෙකු අත්අඩංගුවට

Shiran Viraj

පොහොට්ටු මූලස්ථානයෙන් ගෝටාභයටත් කාමරයක්.. ක‍්‍රියාකාරී දේශපාලනයට..මූලස්ථානය තවත් ලොකු වෙයි

Shiran Viraj

අස්වුනත් නැතත් මහින්ද ඉවතට.. විශ්වාස භංගයට ස්වාධීන කණ්ඩායමේ සහාය..

Shiran Viraj
Translate »