mediahumanrights.lk
News

දිවයින පුරා ඖෂධ පාර්සල් 11000 ක් බෙදා අවසන්

දිවයින පුරා ඖෂධ නිවෙස් වෙත බෙදාහැරීමේ දීපව්‍යාප්ත වැඩසටහන යටතේ ඖෂධ පාර්සල් 11,000කට අධික සංඛ්‍යාවක් බෙදා අවසන් කර ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

රට පුරා ඇදිරි නීතිය ක්‍රියාත්මක කර ඇති අවස්ථාවේදී ජනතාවගේ ඖෂධ අවශ්‍යතාව සපුරාලීම සඳහා ඖෂධ නිවෙස් වෙත බෙදාහැරීමේ වැඩසටහන රජය විසින් ආරම්භ කළේය.

ජනතාවගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් මත මේ වන විට ඖෂධ පාර්සල් 11,765ක් බෙදාහැරීමට හැකි වු බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව ඇඳිරි නීතිය බලපැවැත්වෙන ඉදිරි කාලය තුළත් මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

සැගවී සිටින ප‍්‍රසන්න රණවීරගේ දේපල තහනම් කරන්න යයි

Shiran Viraj

දේශබන්දු නැතිව යුක්තිය අඩපනයි…

Shiran Viraj

මුහුදු වෙරලට දැවන්ත මිණි මුතු මෝරෙකු ගොඩගසයි…

Shiran Viraj
Translate »