mediahumanrights.lk
Local NewsNews

ඇඳිරි නීති රෙගුලාසි කඩ කරමින් අනවසරෙන් මැණික් ගැරූ 5ක් අල්ලයි

ඇඳිරි නීති රෙගුලාසි උල්ලංඝනය කරමින් අනවසරෙන් මැණික් ගරමින් සිටි සැකකරුවන් පස්දෙනෙක් සැකපිට ඊයේ (05) දින රාත්‍රි අත්අඩංගුවට ගෙන ඇත.

බගවන්තලාව පොලිස් වසමට අයත් ලොයිනොන් තේ වත්තේ පිරිසක් අනවසරෙන් මැණික් ගරන බවට බගවන්තලාව පොලිසියට ලද තොරතුරක් මත බගවන්තලාව පොලිසියේ නිලධාරින් විසින් වැටලිමක් කර සැකකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරුවන් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද පොලිස් භාරයට ගෙන ඇත.

සැකකරුවන්ට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගන්නා බවයි බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා කියා සිටියේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඉරාන-ඉරාක දේශසීමා භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 350ට ආසන්න වෙයි

Shiran Viraj

අලුත් අවුරුදු සමය තුළ පුද්ගලයින් 665 ප්‍රතිකාර ලබයි

Shiran Viraj

විදුහල්පතිනිය දණ ගැස්සවීමට විරෝධය පළ කරන්න පා ගමනක්

Shiran Viraj
Translate »