mediahumanrights.lk
Local NewsNews

ETI අක්‍රමිකතා ගැන හොයන ජනපති කොමිසමේ කාලය දිගු කරයි

ඊ.ටී.අයි මූල්‍ය සමාගම සම්බන්ධයෙන් සිදුව ඇති වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර තිබේ.

ඊයේ(09) දිනයේ සිට බලපැවැත්වෙන පරිදි එම කොමිසමේ කාලය ලබන ඔක්තෝබර් මස 9 වනදා තෙක් දීර්ඝ කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වෙයි.

ඊ.ටී.අයි මූල්‍ය සමාගම සම්බන්ධයෙන් සිදුව ඇති වැරදි ක්‍රියා, අක්‍රමිකතා සහ අයථා ක්‍රියා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා මාස 3 ක කාලයකට ජනාධිපති පරීක්ෂණ කොමිශන් සභාව පිහිටුවනු ලැබීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

විරෝධතාකරුවන් අගමැති සමග සාකච්චාවට සූදානම්… ගෝටාගෝගමේ අසුන් පනවා ආරාධනා කරයි…

Shiran Viraj

ට‍්‍රම්ප්ගේ යූ ටියුබ් ගිණුමත් සතියකට අත්හිටුවයි

Shiran Viraj

රුපියල් 5000 දිමනාව නොනුදුන්නැයි සමෘද්ධි නිලධාරියාට ගුටි අනී..

Shiran Viraj
Translate »