mediahumanrights.lk
International NewsNews

Corona : මුල් දින 20 ලංකාව 150යි.. ඇමරිකාව 09යි.. තව සති තුනකින් ලංකාවට වන දේ ජෝන් හොප්කින්ස් පුරෝකථන කරයි..

කොරෝනා වෛරසය පැතිරිම අතින් ශ්‍රී ලංකාවේ පළමු දින 20 තුළදී ඇමරිකාව සහ එක්සත් රාජධානිය තුල මුල් දින 20 ආසාදිත ප්‍රමාණය අභිබවා ගොස් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කියයි.

ශ්‍රී ලංකාවේ මුල්දින 20 තුල කොරෝනා ආසාදිත සංඛ්‍යාව 150ට ආසන්න වුවද ඇමරිකා එක්සත් ජනපදයේ මුල් දින 23 වාර්තා වී ඇති රෝගීන් 11කි.

මේ සියලු කාරණා සලකා බලමින් ඉදිරි දින 07 ඇතුළත අවම වශයෙන් ශ්‍රී ලංකාවෙන් තවත් රෝගීන් 244 අපේක්ෂා කළ හැකි බව ඇමෙරිකාවේ සුප්‍රකට ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලය පුරෝකථනය කර ඇති බව සංගමය පෙන්වා දෙයි.

දින 14 ක් තුල රෝගීන් 403ක්, දින 21ක් තුල රෝගීන් 660ක් වාර්තා වනු ඇතැයිද ඔවුන් පුරෝකතන කර ඇති බව සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නවීන් ද සොයිසා මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් මෙම පුරෝකථනයන් ඉදිරිපත් වන්නේ දැනට හඳුනාගෙන සිටින රෝගීන් අනුව බවත් හඳුනා නොගත් රෝගීන් විශාල පිරිසක් සමාජයේ සිටිය හැකි බවත් ඔහු පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

නැවු තටාකාංගනයේ කොරෝනා ආසාදිතයෙන් නිසා නාවලපිටියේ පවුලම නිරෝධායනයට..

Shiran Viraj

“මහින්ද,මෛත්‍රී එක්වනවාමයි “- රජයේ ප්‍රබල ඇමතිවරයෙක් කියයි

Shiran Viraj

බෝගම්බර බන්ධනාගාරයේ නිරෝධායනයට යොමු කළ එක් රැඳවියෙකු පළා යයි : තවත් රැඳවියෙකු වෙඩි පහරකින් ජිවිතක්ෂයට

Shiran Viraj
Translate »