mediahumanrights.lk
Local NewsNews

මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට අද සිට මුහුණු ආවරණ පැළඳීම අනිවාර්යයි

මහමාර්ගවල ගමන් ගන්නා සියලු දෙනාට මුහුණු ආවරණ පැළඳීම අද(11) සිට අනිවාර්ය කර තිබේ.

ඇඳිරි නීති බලපත්‍ර අතැතිව ගමන් ගන්නා පුද්ගලයින්ට ද මෙය අද සිට මෙය බලාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසයි.

පොලිස්පතිවරයාගේ උපදෙස් මත මෙම තීරණය ක්‍රියාත්මක වනු ඇත.

මේ වන මහමාර්ගවල ආරක්ෂාව සඳහා යොදවා ඇති ත්‍රිවිධ හමුදාවේ හා පොලිස් නිලධාරීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම තීරණය ගෙන තිබේ.

මේ වන විට රාජකාරී කටයුතුවල නියැලි සිටි පොලිස් නිලධාරීන් 100 කට අධික ප්‍රමාණයක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇතැයිද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

මමඋයනවා.. වෙලාවකට කටේ තියන්න බෑ….

Shiran Viraj

අමරකීර්ති අතුකෝරල ඝාතන නඩුවේ වරදකරුවන් වූ 12 දෙනා මහාධිකරණ තීන්දුවට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට සැරසෙයි

Shiran Viraj

අදානි වැඩ අරඹයි..

Shiran Viraj
Translate »