mediahumanrights.lk
Local NewsNews

තවත් පුද්ගලයින් 265 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අද

තවත් පුද්ගලයින් 265 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා අද ලැබීමට නියමිත බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද (17) උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමඟ සජීවීව එක්වෙමින් හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය.

මේ වන විට මෙරටින් හඳුනාගත් කොවිඩ් නයින්ටීන් වෛරසය අසාදනය වූ රෝගීන් ගණන 238ක්.

වෛසරය ආසදනය වීමෙන් මියගිය සංඛ්‍යාව 07ක්වන අතර පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 68ක් ලෙස වාර්තා වේ.

වෛරසය ආසාදනය වී ඇති බවට සැකකෙරෙන පුද්ගලයින් 163 දෙනෙකු මේ වන විට රෝහල් ගතව සිටියි.

කෙසේ නමුත් ඊයේ (16) දිනයේදී කිසිදු රෝගියෙකු වාර්තා නොවූ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. 
(under the courtesy of adaderana.lk news web)

Related posts

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වන්න…. පොහොර හිගයි කියා යල කන්නය අතහරින්න එපා…

Shiran Viraj

අලුත් ව්‍යවස්ථාවට ලෙඩක් අදින්න දෙමල සන්ධානය සියලු බලඇණි කැදවයි..

Shiran Viraj

ආගමික අන්තවාදීන්ගේ ඉල්ලීම් වලට අවනත වන්න එපා – කොවිඩ් මළ සිරුරු භූමිදානය කිරීමේ තීන්දුව වෙනස් කරන්න එපා – ජනපතිට ඉල්ලීමක්

Shiran Viraj
Translate »