2026-01-14
mediahumanrights.lk
Local NewsNews

කොවිඩ් මඬින්න විදෙස් හමුදා අවශ්‍ය නැහැ – ‘‘ ද හින්දු පුවත්පතට‘‘ ආරක්ෂක ලේකම්ගෙන් ප්‍රතිචාර

කොරෝනා වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා විදේශ හමුදා අවශ්‍ය නොවන බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් කමල් ගුණරත්න පවසයි.

කො​රෝනා මැඬලීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයකට ඉන්දීය හමුදා කණ්ඩායම් ලබාදීමට යන බව ‘ද හින්දු’ පුවත්පත කළ අනාවරණයට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා හමුදාවට හා පොලිසියට කොරෝනා වෛරසය ඵලදායී ලෙස හැසිරවිය හැකි බවත්, ඉන්දීය හමුදා ශ්‍රී ලංකාවට යෙදවීම ගැන දෙරට අතර කිසිදු සංවාදයක් සිදුනොවූ බවද හෙතෙම සඳහන් කරයි.

ශ්‍රී ලංකා හමුදාව මේ වනවිටත් වෛරස තර්ජනය සටනේ එය පාලනයට කටයුතු කිරීමේදී ඔවුන්ගේ වෘත්තීය භාවය පෙන්නුම් කරමින් ඔවුන්ගේ හැකියාවන් ඔප්පු කර ඇති බවත්, එය අනෙකුත් රටවලට ආදර්ශයක් බවත් හෙතෙම අවධාරණය කරයි.

lanka lead news

Related posts

දුම්රිය රියදුරු සහයකයින් අද මධ්‍යම රාත‍්‍රියේ සිට වර්ජනයක

Shiran Viraj

කුමාර ගුණරත්නම් අත්අඩංගුවට ගන්න යයි.. පක්‍ෂ තහනමකටත් සූදානම්…

Shiran Viraj

වැලිකන්දේ ඡන්දය අත්හිටුවන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලයි

Shiran Viraj
Translate »