mediahumanrights.lk
Local NewsNews

කොරෝනා පැතිරෙනවා.. මහනුවර රෝහලේ කොරිඩෝවේද මිනී ගොඩගැසේවි..- එම රෝහල් විශේෂඥ වෛද්‍යවරයෙක් කියයි..

කොරෝනා වෛරසය නිසිලෙස පාලනය නොකළහොත් මහනුවර රෝහලේ කොරිඩෝවේද මළමිනී ගොඩගැහෙන ඇතැයි එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ශ්‍රද්ධා හේමප්‍රිය මහතා අනතුරු ඇගවීය.

පුද්ගලයින් 100 දෙනකුට පමණ වෛරසය ආසාදනය වුවහොත් ඉන් 15 දෙනෙකුට පමණක් අසාධ්‍ය විය හැකි බවත් ඉන් 03 දෙනෙකු මරණයට පත්වීමේ අවදානමක් ඇති බවත් ඔහු සඳහන් කළේය.

මෙම වෛරසය වේගයෙන් පැතිර යමින් තිබෙන නිසා එම තත්ත්වය වළක්වා ගත නොගතහොත් මහනුවර රෝහලේ කොරිඩෝවේද මල මිනී ගොඩගැසීම සිදුවිය හැකි බවද ඔහු පැවසීය.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීම සඳහා ගත යුතු පියවර පිළිබඳ සාකච්ඡා කිරීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති රැස්වීමේදී ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

‘අභිචෝදක තනතුර’ නීතිය දේශපාලනයට යටකිරීමක්.. එය බරපතල වරදක්..- සරත් එන්. සිල්වා

Shiran Viraj

ජීවිතය ජය ගන්න මේ කරුණු 7 ඔබේ ජීවිතයට එක් කර ගන්න

Shiran Viraj

කසල කන්දෙන් විපතට පත්වූවන් වෙනුවෙන් මැතිව්ස් තැබූ ට්විටර් සටහන

Shiran Viraj
Translate »