mediahumanrights.lk
Local News News

කුරුණෑගල රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමයි

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කෙරෙන පුද්ගලයෙකු ඇතුලත් වීම හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය වසා දමා තිබේ.

කුරුණෑගල, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙනත් රෝගී තත්ත්වයක් ඇති බව පවසා ඊයේ(09) පස්වරුවේ එම රෝහලට ඇතුළත් වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසුවේය.

පසුව සිදුකළ පරීක්ෂා කිරීම්වලදී ඔහු කොවිඩ් නයින්ටීන් වෛරසයේ රෝග ලක්ෂණ පෙන්නුම් කර ති‍බේ.

ඒ අනුව එම රෝගියා කුරුණෑගල ශික්ෂණ රෝහලේ කොවිඩ් නයින්ටීන් සැකසහිත රෝගීන් රඳවා සිටින ඒකකය වෙත මාරු කර යැවිමට පියවර ගත් බව අධ්‍යක්ෂවරයා පැවසුවේය.

මෙම තත්ත්වය තුළ එම රෝගියාට නිරාවරණය වූ වෛද්‍යවරුන්, හෙද හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 39 දෙනෙකු එම ඒකකයෙන් ඉවත් කිරීමට ද සිදුවූ බව රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

කෙසේවෙතත් වෙනත් ඒකකයක් හරහා රෝහලට රෝගීන් ඇතුළත් කර ගැනීමේ කටයුතු අඛණ්ඩව සිදු කෙරෙන බව සරත් වීරබණ්ඩාර මහතා පැවසුවේය.


(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇදිරි නීති කාලය තුල විදුලි බිල්පත සැකසෙන ආකාරය ගැන මහජන උපයෝගීතා කොමිසමෙන් පැහැදිලි කිරීමක්

Shiran Viraj

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග ඩීල් දැමූ පොලීසියේ 12ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

Shiran Viraj

මුතුරාජවෙල තෙල් කාන්දුවේ වාර්තාව එලියට

Shiran Viraj