mediahumanrights.lk
Local News News

ඇඳිරිනීතිය අතරේ නිවසකට පැන්න සොරෙක් සැමියට බිරිඳට පහරදී රත්තරන්, මුදල් කොල්ල කයි..

යාපනයට පවතින ඇඳිරිනීතිය අතර යාපනය චාවකච්චේරි මණ්ඩුවිල් ප්‍රදේශයේ නිවසකට ඇතුලු වූ කොල්ලකරුවෙකු විසින් නිවසියන්ට පහරදී රත්තරන් හා මුදල් තොගය කොල්ල කා (11) රාත්‍රියේ පලාගොස් ඇති බවට චාවකච්චේරි පොලීසිය පවසයි.

අදාල නිවසේ සැමියා සහ බිරිඳ සිට ඇති අතර එම අවස්ථාවේදී නිවසට ඇතුල් වූ කොල්ලකරු විසින් සැමියාට හා බිරිඳට පහරදී නිවසේ තිබූ රන් පවුම් 5කට අධික ප්‍රමාණයක් හා මුදල් රුපියල් 16,000 ක් කොල්ල කා පලා ගොස් ඇති අතර පහරදීමෙන් තුවාල ලැබූ සැමියා සහ බිරිඳ රෝහලගත කොට ඇති බවට පොලීසිය පැවසීය.

කොල්ලකරු විසින් නිවසේ වහලයෙන් ඇතුල් වී ඇති අතර අදාල කොල්ලකෑම සිදුකල පුද්ගලයා කව්රුන්දැයි යන්න මෙතෙක් අනවරණය නොවී ඇති අතර අදාල සිදුවීම සම්බන්ධයෙන් චාවකච්චේරි පොලීසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.


(under the courtesy of lankacnews.com news web)

Related posts

යාපනයේදී පුපුරණ ද්‍රව්‍ය සහ බෝම්බ කොටස් සමග අල්ලයි..

Shiran Viraj

අග‍්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශයේ සේවය කරන බව පවසා මහාපරිමාණ මූල්‍ය වංචා කළ අයෙක් බැලුම්ගල දුන් ඔත්තුවෙන් කොටු

Shiran Viraj

රනිල්ගේ ෆේස්බුක් ගිණුම hack කරලා – වීඩියෝ

Shiran Viraj