mediahumanrights.lk
NewsPolitical

අපේ උපදෙස් අනුව වැඩ කලා නම් කොරෝනා මෙතරම් වැඩි වෙන්නේ නෑ..- ජවිපෙ

තම පක්ෂය විසින් පෙන්වා දුන් කරුණු පිළිගෙන කටයුතු කලේ නම් කොරෝනා වෛරසය මර්ධනය මෙතරම් අපහසු වන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත් ආණ්ඩුව මෙතෙක් කොරෝනා මර්දනයට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවද ඔහු පැවසීය.

නමුත් වසංගතය පාලනය කිරීමට මෙතෙක් ජාතික මට්ටමින් වැඩපිළිවෙළක් නැති බවද ඔහු පැවසුවේය.

ආණ්ඩුව විසින් නිසි යාන්ත‍්‍රණයක් සාදන්නේ නම් අත්‍යවශ්‍ය භාණ්ඩ රට පුරා බෙදා හැරීම තම පක්‍ෂය සූදානම් යයිද ඔහු තව දුරටත් පැවසීය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

ජනපති ඉන්දියා යයි.. වැඩබලන්න ඇමතිවරුන් පහක් පත් කරයි…

Shiran Viraj

ජනපති-අගමැති නිවසේ අවුරුදු චාරිත‍්‍ර කිසිම නාලිකාවක සජීවීව නෑ…

Shiran Viraj

දුරකථන කුලුණකට විරෝධය.. රාත්‍රීයේ හොරෙන් හාරයි…

Shiran Viraj
Translate »