mediahumanrights.lk
Local NewsNews

ලංකාව ඉල්ලීමක් කළත් ත්‍රි’මලේ තෙල් ටැංකි දෙන්න ඉන්දියාව අදි මදි කරයි

ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීරණයේ ඇති ටැංකි දහයක් නැවත ලබා ගැනීමට රජය කළ ඉල්ලීමක් ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දීය තානාපති කාර්යාල‌යෙන් යහපත් ප්‍රතිචාරයක් ලැබී නැති බව විදුලිබල අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

මෙම තෙල් ටැංකි සංකීරණය 2001දී එවකට පැවැති රජය විසින් ඉන්දියාවට පවරා දුන් ඒවාය. දැනට පාවිච්චියට නොගන්නා මෙම තෙල් ටැංකි දහය ලක් රජයට පවරාගෙන අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 2000ක් පමණ වැය වෙතැයිද ඇස්තමේන්තු කර ඇත.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර සහ ශ්‍රී ලංකාවේ පිහිටි ඉන්දිය තානාපති කාර්යාල නිලධාරීන් මේ පිළිබඳ මූලික වටයේ සාකච්ඡාවක් පවත්වා ඇත. ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල අඩුවීමේ වාසිය මත ඉන්ධන සංචිතයක් පවත්වාගෙන යාම සඳහා මෙම තෙල් ටැංකි පවරා ගැනීමට තීරණය කර තිබේ. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ඊයේ (22 වැනිදා) මේ පිළිබඳව සාකච්ඡාවක් පවත්වා ඇත.

එහිදී විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ඉන්දීය මධ්‍යම රජයට මෙම ඉල්ලීම ඉදිරිපත් කිරීමට තීරණය වී ඇත. තවද හම්බන්තොට වරාය පරිශ්‍රයේද නව තෙල් ටැංකි පද්ධතියක් ඉදිකිරීම පිළිබඳවද රජයේ අවධානය යොමුකර ඇත.

lanka lead news

Related posts

ඇමති රොෂාන් රණසිංහට රටවල් පහක සින්නකර ඉඩම්..

Shiran Viraj

හෝමාගම ක‍්‍රිකට් පිට්ටනිය මං හිගා කාලා හරි හදනවා..

Shiran Viraj

SJBට ආණ්ඩුවට ඒම හැර විකල්පයක් නෑ.. නාවොත් උඩම ඇවරිය ආණ්ඩුවට

Shiran Viraj
Translate »