26.1 C
Colombo
2026-02-17
mediahumanrights.lk
Local NewsNews

ඩිංගි බෝට්ටුවක තිබී කේරළ ගංජා කිලෝ 133 ක් නාවික හමුදා බාරයට

පේදුරු තුඩුව, මනල්කාඩු මුහුදු ප්‍රදේශයේදී කේරළ ගංජා ප්‍රවාහනය කරමින් තිබූ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා බාරයට ගෙන තිබේ.

මේ දිනවල රට තුළ පවතින තත්වය හේතුවෙන් ශ්‍රී ලංකාව වටා වූ මුහුදු තීරයේ මුර සංචාරයන් තර කිරීමට නාවික හමුදාව පියවර ගෙන ඇත.

ඒ අනුව සිදු කරන ලද මුර සංචාරයන්හි ප්‍රථිපලයක් ලෙස ඊයේ (13)  මුර සංචාරයන්හි යෙදී සිටි උතුරු නාවික විධානයට අනුයුක්ත නාවික පුද්ගලයින් පිරිසක් විසින් පේදුරු තුඩුව, මනල්කාඩු මුහුදු ප්‍රදේශයේදී සැක කටයුතු ඩිංගි යාත්‍රාවක් නිරීක්‍ෂණය කර වැඩිදුර පරික්‍ෂා කිරීමේදී එම යාත්‍රාව තුළ ගෝනි මලු පහක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 133 ග්‍රෑම් 57 ක ප්‍රමාණයක් සොයා ගැනීමට සමත්ව තිබේ.

එහිදී එම කේරළ ගංජා තොගය, යාත්‍රාව සහ එහි සිටි සැකකරුවන් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කරන ලද අතර, එම සැකකරුවන් වයස අවුරුදු 22, 26 සහ 37 යන වයස්වල පසුවන පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.

මෙම කේරළ ගංජා තොගය විදේශීය යාත්‍රාවක් හරහා මෙම සැකකරුවන් පැමිණි යාත්‍රාව වෙත මුහුදේදී හුවමාරු කරගෙන ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන නාවික හමුදාව සහ පොලීසිය මඟින් සිදු කෙරෙනු ලබයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ඇෆ්ගනිස්තානයේ හදිසි රහස් ඝාතන රැල්ලක්

Shiran Viraj

පෙට්‍රල් හිඟයෙන් සංස්ථාවට වාර්තාගත ලාභයක් !

Shiran Viraj

ඇයත් සචිනි මමත් සචිනි

Shiran Viraj
Translate »