mediahumanrights.lk
Local NewsNews

IDH රෝහලේ සිටි තවත් ආසාදිතයෙක් දැඩි සත්කාර ඒකකයට

කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වීම හේතුවෙන් අයි.ඩි.එව් රොහලේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් පුද්ගලයෙකු දැඩි සත්කාර ඒකකයට ඇතළත් කර තිබේ.

අයි.ඩි .එව් රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඒ අනුව මේ වන විට රෝගීන් තිදෙනෙකු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.

කොවිඩි නයින්ටීන් වෛරසය අසාදනය වු කිසිදු රෝගියෙකු ඊයේ(25) දිනයේ වාර්තා නොවු අතර ඒ අනුව මෙරටින් වාර්තා වු වෛරස අසාධිතයින් සංඛ්‍යාව 102 ක් වෙයි.

ඔවුන්ගෙන් තිදෙනෙකු මේ වන විට සුවය ලබා රෝහලෙන් පිටත්ව ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

තවදුරටත් දිවයින පුරා රෝහල්වල කොවිඩ් නයින්ටීන් අසාධිතයින් බවට සැකකරන පුද්ගලයින් 255 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටින බවද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

රවි කණෙන් රිංගන තුරු රනිල් දන්නෙවත් නෑ..- එජාපයෙන් නිවේදනයක්

Shiran Viraj

චන්දිමාල්ගේ අවුරුදු උත්සවය ගිනි ගනී.. අවුරුදු කුමර කුමරියන් දිව ගොස් බේරෙති..

Shiran Viraj

එජාපයේ සභාපති තනතුර වජිරට හිමිවෙයි : මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර

Shiran Viraj
Translate »