mediahumanrights.lk
Local News News

සියලුම මැතිවරණ තේරීම්භාර නිලධාරීන් කොළඹට

සියලූම දිස්ති‍්‍රක්කවල තේරීම්භාර නිලධාරීන්, නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන්ගේ සාකච්ජාවක් මේවනවිට රාජගිරිය මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී මේවනවිට පැවැත්වෙනවා. මැතිවරණ කොමිසමේ කොමසාරිස් ජනරාල් සමන් ශී‍්‍ර රත්නායක පැවසුවේ ඉදිරි මහ මැතිවරණයේ කටයුතු සම්බන්ධයෙන් මූලික සාකච්ජාවක් එහිදී පැවැත්වෙන බවයි.

2020 මහ මැතිවරණය පැවැත්වෙන්නේ අපේ‍්‍රල් මස 25 වනදායි. මහ මැතිවරණය සඳහා නාමයෝජනා කැදවීම මාර්තු 12දා සිට 19 වනදා දක්වා සිදු කිරීමට නියමිතයි. මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයඳුම්පත් භාරගැනීම හෙට සිට මාර්තු 16 වනදා දක්වා සිදු කෙරෙන බවයි මැතිවරණ කොමිසම පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

විධායක ජනාධිපති ක්‍රමය අහෝසියි..පාර්ලිමේන්තුවට වැඩි බලතල නව ව්‍යවස්ථාවක්

Shiran Viraj

ශ‍්‍රී ලංකාවේ කොරෝනා මර්දනයට REGN-COV2 භාවිතයට අනුමැතිය දෙයි…

Shiran Viraj

කඩා වැටුනු ආර්ථිකය ගොඩ දැම්ම අපට ක‍්‍රිකට් ගොඩදාන්නත් පුළුවන්..- ජනපති

Shiran Viraj