mediahumanrights.lk
Local NewsNews

කොරෝනා පාලනයට අප ගත් සියළු ක‍්‍රියාමාර්ග වතුරේ ගියා..- ඉහලම සෞඛ්‍ය බලධාරියා කියයි..

කොරෝනා වෛරස ව්‍යාප්තිය වැලැක්වීම සඳහා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබාදුන් උපදෙස් නොතකා ජනතාව මහ මගට පැමිණ ගමන් බිමන් යාමට පටන් ගැනීම හේතුවෙන් මෙතෙක් දිනක් කළ කැප කිරීම් සියල්ල අවුල් වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඇදිරි නීතිය ක්‍රියාත්මක වෙද්දී මෙතෙක් ඉතිහාසයේ කිසිදා සිදු නොවූ පරිදි මාර්ගවල වාහන විශාල ලෙස ඊයේ දිනයේ ධාවනය වූ බවත් ජනතාව ආරක්ෂාව පිළිබඳ කිසි තැකීමක් නොකර සුපුරුදු පරිදි මාර්ගවලට පැමිණි සිටි බවත් ඔහු සඳහන් කළේය.

පසුගිය 19 දා සිට කලාප වශයෙන් ඇඳ රටපුරා ඇදිරි නීතිය පනවා මෙම වෛරසයෙන් ජනතාව ආරක්ෂා කිරීමට බලධාරීන් ගත් ක‍්‍රියාමාර්ග ඊයේ පෙරවරුවේ අවුල් වූ තත්ත්වයක් දක්නට ලැබුණු බවද ඔහු පැවසුවේය.

පොලිස් ඇඳිරි නීතිය එකේ පණවා ඇති මොහොතක ජනතාව සාමාන්‍ය නිවාඩු දිනයක මෙන් නිදහසේ මහ මග සැරිසරමින් කටයුතු කළේ කෙසේ දැයි යන්න පිළිබඳව සිතාගැනීමටත් නොහැකි බවද ඔහු තව දුරටත් කියා සිටියේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

බෝට්ටුවලින් ලංකාවට පැන නොඑනු.. ජාත්‍යන්තර මුහුදට එලවා දමනවා..- ශ‍්‍රී ලංකාවෙන් පණිවුඩයක්..

Shiran Viraj

ලොව පුරා සෞඛ්‍ය සේවකයින් 90000 කට කොරෝනා වැළඳී ඇතැයි තක්සේරුවක්

Shiran Viraj

දුමින්ද යලිත් දේශපාලනයට..? බස්නාහිර මහ ඇමති අපේක්‍ෂක..?

Shiran Viraj
Translate »