mediahumanrights.lk
BusinessBusiness NewsNews

විදුලි කප්පාදුව දින කිහිපයකට නවතී.. නමුත් විදුලි කප්පාදුව අනිවාර්යයි..

කා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයට ඉන්ධන සැපයීමට නැවත තීරණය කර ඇති නිසා ඊයේ දිනයේ ආරම්භ කර තිබූ විදුලි අත්හිටුවීමේ සැලැස්ම නවතා දමා ඇත.

ඊයේ දිනයේ අගමැතිවරයා මැතිහත් වී යුගදනවු බලාගාරයට ඉන්ධන සපයා දුන් දුන් බවත් එනිසා මෙගා වොට් 300 ක පමණ ධාරිතාවක් පද්ධතියට එක් කිරීමට හැකි වී ඇතැයිද ලංවිම ඉහල පෙලේ ප‍්‍රකාශකයෙකු පැවසීය.

කෙසේ නමුත් විදුලිබල මණ්ඩලය විසිනි විදුලිය උත්පාදනය කරන සෙසු තාප බලාගාර වලට සංස්ථාව විසින් ඉන්ධන නිකුත් නොකිරීමට තවදුරටත් තීරණය කර ඇතැයි ඔහු සඳහන් කළේය.

ඊට හේතුව විදුලිබල මණ්ඩලය විසින් තෙල් සංස්ථා වෙත ගෙවීමට ඇති බිලියන ගණනක මුදල් නොගෙවීම නිසා බව ද ඔහු පැවසීය.

කෙසේ වෙතත් මේ තත්ත්වය මත ඉහල ගොස් ඇති විදුලි ඉල්ලුමට ප්‍රමාණවත් උත්පාදනයක් තාප බලාගාරවලින් සිදුකිරීමට නොහැකි වී ඇති නිසා දැන් සිදුවන්නේ විශාල ලෙස ජල විදුලි උත්පාදනය කිරීම බවද ඒ හේතුවෙන් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජලය වේගයෙන් අවසන් වන බව ද ඔහු සඳහන් කළේය.

බොහෝ දුරට දෛනික විදුලි ඉල්ලුම සපුරාලීමට ප්‍රමාණවත් විදුලියක් නිපදවීම මාර්තු මාසය පමණ වන විට බරපතල අර්බුදයක් බවත් විදුලි කප්පාදුව නැවතත් ආරම්භ කිරීමට සිදුවනු ඇති බවත් ඔහු කියා සිටියේය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

රවි කණෙන් රිංගන තුරු රනිල් දන්නෙවත් නෑ..- එජාපයෙන් නිවේදනයක්

Shiran Viraj

සජිත් ඓතිහාසික වගකිමක් කරට ගනී.. අන්තර්පාලනයකට එකග වේ…

Shiran Viraj

‘එක මිටට ගොවි බිමට..’ සියළු ඉඩම්වල වගා කරන්නැයි ගෙයින් ගෙට දන්වයි…

Shiran Viraj
Translate »