23.4 C
Colombo
2026-03-03
mediahumanrights.lk
NewsSportsSports News

එංගලන්ත-ද.අප්‍රිකා පළමු විස්සයි 20 එක් ලකුණක තියුණු ජයකින් නිම වෙයි

ජාත්‍යන්තර පන්දුවාර 20 යි 20 කි‍්‍රකට් තරග අතරට තවත් තියුණු අවසානයකින් යුත් තරගයක් ඊයේ (12) රාති‍්‍රයේ එක්වුණා.

ඒ, දකුණු අපි‍්‍රකාව සහ එංගලන්තය අතර පැවැති පළමු පන්දුවාර 20 යි 20 තරගයයි. මෙම තරගයෙන් එක් ලකුණක තියුණු ජයක් දකුණු අපි‍්‍රකාවට හිමිවුණා. 

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහරදුන් දකුණු අපි‍්‍රකාව කඩුළු 08 කට ලකුණු 177 ක් රැස් කළා. පිළිතුරු ඉනිම කී‍්‍රඩා කළ එංගලන්ත කණ්ඩායමට කඩුළු 09 ක් දැවී නියමිත පන්දුවාර 20 අවසන් වනවිට රැස්කර ගත හැකි වූයේ ලකුණු 176 ක් පමණයි.

තරගය ජයගැනීම සඳහා අවසන් පන්දු 12 දී එංගලන්තයට ලකුණු 23 ක් ලබාගත යුතුව තිබුණා. සුපිරි පිතිකරු ඔයින් මෝගන් 19 වන පන්දුවාරයට ලකුණු 16 ක් රැස්කර ගනිමින් ජයග‍්‍රහණය එංගලන්තය දෙසට රැගෙන ආවා.

අවසන් පන්දුවාරයට කඩුළු 04 ක්ද අතැතිව එංගලන්තයට රැස්කර ගැනීමට ඉතිරිව තිබුණේ ලකුණු 07 ක් පමණයි.

දක්ෂ පන්දු යැවීමක නිරත වූ ලූන්ගි න්ගිඩි ලකුණු 5 ක් පමණක් ලබාදෙමින් එංගලන්ත ඉනිමේ කඩුළු 03 ක් බිඳහෙලමින් දකුණු අපි‍්‍රකාවට තියුණු ජයක් අත්කර දුන්නා.

තරගයේ වීරයා ලෙස ද දකුණු අපි‍්‍රකාවේ ලූන්ගි න්ගිඩි සම්මාන දිනා ගත්තා. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

ආපදාවන්ට ලක්වුවන් සම්බන්ධීකරණයේ දී ගැටළු මතු වුණා

Shiran Viraj

ඇඳිරි නීතිය ඉවත් කළ ප්‍රදේශවල දෛනික කටයුතු සාමාන්‍ය පරිදි

Shiran Viraj

සුළඟින් නිවාස 29ට හානි

Shiran Viraj
Translate »