mediahumanrights.lk
International NewsNews

උතුරු කොරියාවෙන් කොරෝනා රෝගීන් වාර්තා නොවීම ගැන සැකයක්

උතුරු කොරියාවෙන් කිසිඳු නව කොරෝනා ආසාධිතයෙකු වාර්තා නොවීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍යයන්හි අවධානය යොමුව තිබෙනවා.

CNN පුවත් සේවය අද (07) වාර්තා කර තිබුණේ චීනයේ අසල්වැසි රටවල් රැසකට මෙන්ම ආසියාවේ රටවල් බොහෝමයකට හා චීනයට ඉතා දුරින් පිහිටි රටවලට පවා නව කොරෝනා වෛසරය ආසාධනය වී තිබියදී, චීනයේ එක් දේශසීමාවක පිහිටි උතුරු කොරියාව මෙතක් කිසිඳු ආසාධිතයෙකු ගැන හෙළි කර නොමැති බවයි.

එහෙත් උතුරු කොරියාවේ ද බොහෝ දුරට එක් කොරෝනා ආසාධිතයෙකු හෝ සිටිය හැකි බවයි දකුණු කොරියාවේ විශ්ව විද්‍යාල මහාචාර්යවරයෙකු උපුටා දක්වමින් CNN පුවත් සේවය වාර්තා කර තිබුණේ.

ලොව හුදෙකලා රටක් වන උතුරු කොරියාව සමීප සම්බන්ධතා පවත්වන්නේ ද චීනය සමග පමණයි. එසේම එරට වෙළඳ කටයුතුවලින් සියයට 90 ක්ම සිදු කරන්නේ චීනය සමගයි. කෙසේවෙතත් නව කොරෝනා වෛරසය පැතිරයාමත් සමග චීනය සමග පවතින දේශ සීමාව වසා දමා සංචාරකයින් ද ප‍්‍රතික්ෂේප කළ රටවල් අතර පෙරමුණේ උතුරු කොරියාව පසුවනවා.  

(under the courtesy of nethnews.lk news web)

Related posts

කේ.ජී කිලෝ 248ක් මාට්ටු

Shiran Viraj

සතොසේ තියෙන අමුතු හාලක් ගැන ජනතාව කියන කතා – Video

Shiran Viraj

දරුවන් 275,000කට වැඩි පිරිසක් විපතේ: “ආදරය” වැඩසටහනට නාමල් රාජපක්ෂ සිය මාසික වැටුප පරිත්‍යාග කරයි

Shiran Viraj
Translate »