mediahumanrights.lk
NewsSportsSports News

ශශිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදෙයි

ශ්‍රි ලංකාවෙන් බිහිවූ දක්ෂතම තුන්ඉරියව් ක්‍රීඩිකාවක වන හිටපු ක්‍රිකට් නායිකා ශශිකලා සිරිවර්ධන ජාත්‍යන්තර ක්‍රිකට් දිවියට සමුදීමට තීරණය කර තිබෙනවා. මෙවර ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලිය ඇය සහභාගී වන අවසන් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියයි.

2003 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ශශිකලා සිරිවර්ධන අවස්ථා කිහිපයකදීම කාන්තා තුන් ඉරියව් ශ්‍රේණිගත කිරීම්වල පළමු 10 දෙනා අතරට පැමිණීමට ද සමත්වුණා. ඇය ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින කඩුළු සංඛ්‍යාවක් දිනාගත් ක්‍රීඩිකාව ද වනවා. එමෙන්ම චමරි අතපත්තුගෙන් පසු එක්දින ලකුණු දෙදහසේ සීමාව පසු කළ පළමු ක්‍රීඩිකාව ද ශශිකලා සිරිවර්ධනයි.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම එක්දින තරග සංඛ්‍යාවකට තරග කළ ඇය මේ දක්වා ක්‍රීඩා කළ තරග සංඛ්‍යාව 118 ක්. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට වැඩිම එක්දින ජයග්‍රහණ ප්‍රමාණයක් අත්කර දුන් නායිකාව ද වන්නේ ශශිකලා සිරිවර්ධනයි. එක්දින තරග 58 කදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට නායකත්වය ලබාදුන් ශශිකලා සිරිවර්ධන, තරග 18 කදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූවා.

මේ අතර මෙවර ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඊයේ පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගියා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

නන්දලාල් එලවා අර්ජුන මහේන්ද‍්‍රන් මහ බංකු අධිපති කරන්න හදනවාද..- සජිත්

Shiran Viraj

ඉහල හමුදා ලොක්කෙක් කොරෝනා මධ්‍යස්ථානයකදී රෝගියෙකුට තිරිසන්ව පහර දේ.. අත පය කැඩී බෙහෙත් දමයි..

Shiran Viraj

සියුම් තැනකින් ආරම්භ වී ජීවිතයම ගිල ගන්නා මාරයා

Shiran Viraj
Translate »