mediahumanrights.lk
International News News

චීනයේ මරණ සංඛ්‍යාව 426ක් වෙයි – ආසාධිතයින් 20625ක්

නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් චිනය තුළ මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 426 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

පෙරේදා (02) දිනට සාපේක්ෂව එය පුද්ගල මරණ 66 ක වැඩිවීමක්. ඒ අනුව නව කොරෝනා වෛසරය ආසාධනය වීම නිසා පැය 24 ක් තුළ සිදුවූ වැඩිම පුද්ගලයින් මරණ සංඛ්‍යාව මෙයයි.

චීනය තුළ පමණක් මේ වනවිට නව කොරෝනා ආසාධිතයින් 20, 625 ක් වාර්තා වනවා.

මේ අතර අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥයින් පිරිසක් චීනයට පැමිණ තිබෙනවා. ඒ, චීනය තුළ පැතර පවතින නව කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා සිදුකරන මෙහෙයුම් සඳහා සහය ලබාදීමටයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත්වීමෙන් අමෙරිකානු සෞඛ්‍ය විශේෂඥයින් මෙලෙස චීනයට ඇතුළුවී ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ.   

(under the courtesy of nethnews.lk news web)

Related posts

රටේ තෙල් හිග වෙන්නේ ගම්මන්පිලගේ ප‍්‍රකාශ නිසයි…

Shiran Viraj

ජනතා මුදල් ගසා කාපු අය පන්නලා පිරිසිදු චරිත මන්ත්‍රීවරුන් කරගන්න ජනතාවට අවස්ථාව උදාවෙලා – ඇමති මහින්ද අමරවීර

Shiran Viraj

විමල්ගේ කතාවේ හරය මං දන්නවා.. අනෙක් අයට නොතේරුණාට කරන්න දෙයක් නෑ..- අගමැති මහින්ද

Shiran Viraj