mediahumanrights.lk
BusinessBusiness NewsNews

ජල ගාස්තුවේ සංශෝධනයක්

ජල ගාස්තු සංශෝධනයක් නුදුරේදී සිදුවනු ඇද්දැයි මේ වන විට සංවාදයක් ආරම්භ වී තිබෙනවා. නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් ජල සම්පාදන පහසුකම් රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාරගෙන් විමසීමක් කළා. ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ජල ගාස්තු සංශෝධනයක් සිදු වුවත් එමගින් අඩු ආදායම් ලාභීන්ට අගතියක් සිදු නොවිය යුතු බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියා සිටියේ වතුර බිලේ සංශෝධනයක් සිදුවිය යුතුයි. සෑම වසර තුනකට වරක්ම ජල බිල සංශෝධනයක් විය යුතුයි. නමුත් ජනතාවට ඇති ආර්ථික අපහසුකම් නිසා පසුගිය වසර කිහිපයේදීම ජල ගාස්තු සංශෝධනයට ලක්ව තිබුනේ නැහැ. නමුත් මේ ජල බිල් ගාස්තු සංශෝධනය සිදුවන්නේ ඉහළ පරිභෝජනයක් සිදුකරනු ලබන පාරිභෝගිකයින්ට පමණයි. කිසිම හේතුවක් නිසා අඩු ආදායම් ලාභීන්ට මේ ගාස්තු සංශෝධනය නිසා අපහසුතාවයක් ඇති වන්නේ නැති බවයි.

ජල ගාස්තු වසර තුනකට වරක් සංශෝදනය විය යුතු බවට අදාළ පනතින්ම විධිවිදාන සළසා ඇතැයිද මෙහිදී ප්‍රකාශ කෙරුණා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

අද රැය "ගිණි ගත් රැයක්" බව වෛද්‍යවරු නිවේදනය කරයි

Shiran Viraj

නව සීමා යටතේ උපකාරක පංති ආරම්භ කිරීමේදී ගැටලු රැසක්

Shiran Viraj

අධ්‍යාපන අමාත්‍යංශයේ ක‍්‍රීඩා අධ්‍යක්ෂ තාවකාලිකව ඉවතට

Shiran Viraj
Translate »