mediahumanrights.lk
Local News News

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අමෙරිකාවෙන් නිවේදනයක්

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සිය රට වැසියන්ට, එළඹෙන උත්සව සමයේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්නැයි දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව සංචාරක ස්ථාන, ප‍්‍රවාහන මධ්‍යස්ථාන, වෙළද පොල, සාප්පු සංකීර්ණ, හෝටල් සහ සමාජශාලා ආශි‍්‍රතව ගැවසීමේදී අවදානයෙන් පසුවන ලෙසටයි එමගින් දක්වා ඇත්තේ.

මීට අමතරව පූජනීය ස්ථාන, ප‍්‍රධාන කී‍්‍රි‍්‍රඩා හා සංස්කෘතික උත්සව මෙන්ම අධ්‍යාපනික ආයතනද මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස නිකුත් කර ඇත්තේ අමෙරිකානු පුරවැසියන්ට නිකුත් කරන දෙවන මට්ටමේ සංචාරක උපදේශන සිහිකැඳවීමක් බවයි එමගින් ප‍්‍රකාශ කර ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

සියලු විභාග සඳහා සිසුන්ට එකම විභාග අංකයක් ලබාදීමේ වැඩපිළිවෙලක්

Shiran Viraj

මහනුවර පෙරහැර සමයේ සිදුවෙන ජාවාරම මෙන්න

Shiran Viraj

පළාත් පාලන මැතිවරණය නව ක්‍රමයක් යටතේ පවත්වන්න තීරණයක්

Shiran Viraj