2026-02-10
mediahumanrights.lk
Local NewsNews

ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම ගැන අමෙරිකාවෙන් නිවේදනයක්

මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සිය රට වැසියන්ට, එළඹෙන උත්සව සමයේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන්නැයි දැනුම්දීමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව සංචාරක ස්ථාන, ප‍්‍රවාහන මධ්‍යස්ථාන, වෙළද පොල, සාප්පු සංකීර්ණ, හෝටල් සහ සමාජශාලා ආශි‍්‍රතව ගැවසීමේදී අවදානයෙන් පසුවන ලෙසටයි එමගින් දක්වා ඇත්තේ.

මීට අමතරව පූජනීය ස්ථාන, ප‍්‍රධාන කී‍්‍රි‍්‍රඩා හා සංස්කෘතික උත්සව මෙන්ම අධ්‍යාපනික ආයතනද මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස නිකුත් කර ඇත්තේ අමෙරිකානු පුරවැසියන්ට නිකුත් කරන දෙවන මට්ටමේ සංචාරක උපදේශන සිහිකැඳවීමක් බවයි එමගින් ප‍්‍රකාශ කර ඇත්තේ.
(under the courtesy of nethnews.lk news web)

Related posts

දන්දිනා වැදු නාලිනී හැදු රනිල් රාජපක්‍ෂගේ අවසානය බිහිසුණුයි..- හිරුණිකා අමුතු ඇගිලි සංඥාවක් පෙන්වමින්

Shiran Viraj

රජයේ ඉඩම් භාවිතා කරන අයට ළඟදීම සින්නක්කර ඔප්පු

Shiran Viraj

ඡන්ද පත්‍රිකා බෙදාහැරීම ඇරඹේ

Shiran Viraj
Translate »