27 C
Colombo
2024-07-07
mediahumanrights.lk
Local News News

” මම නීතිගරුක පුද්ගලයෙක්.. ජාතිවාදියෙක් නොවෙයි”: හම්බන්තොට වරාය බදු දීමත් වැරදියි – ජනපති කියයි

තමන් නීතිගරුක පුද්ගලයෙක් බවත් ඒ නිසා තමන් ජාතිවාදියෙක් ලෙස හැදින්වීම සම්පුර්ණයෙන්ම වැරදි සහගත බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.

ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ප්‍රථම වතාවට ඉන්දියාවේ BharatShakti.in මාධ්‍ය ආයතනයේ ප්‍රධාන කතෘ Nitin A. Gokhale සමග පැවති සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

” එය පසුගිය යුධ සමයේදී ඇති කරන ලද වැරදි වැටහීමක්. මම වසර 20 ක් යුධ හමුදාවේ සේවය කරනු ලැබුවා. මම ත්‍රස්තවාදයට එරෙහිව හමුදා නිලධාරියෙක් ලෙස සටන් වැදුනා. පසුව මම යුධ හමුදාවෙන් විශ්‍රාම අරන් වසර 12 ක් අමෙරිකාවේ විදෙස් ගතව ජිවත්ව සිටියා. පසුව මම නැවත මේ රටට ආවේ ආරක්ෂක ලේකම්වරයා ලෙසයි. ජනතාව මාව හඳුනා ගනු ලැබුවේ ආරක්ෂක ලේකම්වරයා ලෙසයි. ඒ හේතුවෙන් මම ඒකාධිපතියෙක් කියා මිනිසුන් සිතෙනවා වෙන්න පුළුවන්. මම විනයගරුක පුද්ගලයෙක්. එයින් මාව හදුන්වන්න බැහැ මම තවත් ප්‍රජාවකට එරෙහිව සිටිනවා කියා. මම ජාතිවාදියෙක් නොවෙන බවට මාගේ ක්‍රියාවෙන් ඔප්පු කරලා තියෙනවා. මම සේවය කරන්නේ සමාජයේ එක් කොටසකට පමණක් නොවෙයි. රට සංවර්ධනය කිරීමට, රට ගොඩනැගීමට මා සමග එක්වෙන්න කියා ද්‍රවිඩ සහ මුස්ලිම් ප්‍රජාව ඇතුළු සෑම කෙනෙකුටම මා ආරාධනා කළා. අපේ රට යළි ගොඩනැගිය යුතුයි.

විපක්ෂයට මාව ඒකාධිපතියෙකු ලෙස පෙන්විය හැකිය. මගේ ක්‍රියාවෙන් මා කවුරුන්ද කියා මිනිසුන් දකිනවා ඇති. ඒවගේම මා සමග එක්වන්න කියා ඔවුන්ට පවසනවා. විශේෂයෙන්ම මාධ්‍යට මා කියනවා ඔවුන්ට විවිධ කටකතා සහ අසත්‍ය ප්‍රචාරයන් සිදුනොකරන්න කියා. මාව තේරුම් ගන්න, මට කතා කරන්න. මාව මුණගැසී මා කුමක්ද කරන්නේ කියා ඔවුන්ට හැකියි ඒ ගැන අවබෝධයක් ගන්න. ඔවුන්ට පුලුවන් ඒ සම්බන්ධයෙන් නිවැරදි චිත්‍රය අනෙක් අයට ලබා දෙන්න. මෙය කුඩා රටක්, රට සංවර්ධනය කරන්න ඔවුන් අපට උදව් කළ යුතුයි. මගේ ගමනට බාධාවක් නොවන්න. එයින් කිසිදු අයෙකුට උදව්වක් වන්නේ නැහැ”

ඒ අතරම, මට අවශ්‍ය වන්නේ විශේෂයෙන් විදෙස් මාධ්‍යට කියන්න කැමති මේ දේ. කටකතා සහ අසත්‍ය ප්‍රචාරයන් සිදුකරන්න එපා. මාව තේරුම් ගන්න. ඔබලාට පුළුවන් මට කතා කරන්න. මාව මුණගැසී මා කරන්නේ කෙසේද, මා වැඩ කරන ආකාරය සහ නිවැරදි පින්තූරය ලබා දෙන්න. එය කුඩා රටක්, සංවර්ධනය වෙමින් පවතින රටකි; මිනිසුන් අපට උදව් කළ යුතුයි, මගේ මාර්ගයට බාධා නොකරන්න. එය කිසිවෙකුට උදව් නොකරන බවයි” ජනාධිපතිවරයා කියා සිටියේ.

හම්බන්තොට වරාය වසර 99 ක කාලයක් සඳහා පසුගිය රජය විසින් චීනයට යළි බද්දට ලබාදීම බරපතළ වැරැද්දක් බවත් එම ගනුදෙනුව සම්බන්ධයෙන් යලි විමසා බැලිය යුතු බවයි මෙහිදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටියේ. පසුගිය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන සමයේදී චීනය සමග පැවතියේ සංර්ධනය කරා යන ගමන වෙනුවෙන් වන සම්බන්ධකමක් බවයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

කිසිවිටකත් ලෝක බලවතුන්ගේ බල අරගලයට මැදිවන්නට ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බවත් භූගෝලීය පිහිටීම අතින් ශ්‍රී ලංකාවේ පිහිටීම ඉතා වැදගත් බවත් ආසියානු කලාපයේ රටවල් සමග සැසදීමේදී දියුණුව කරා ශ්‍රී ලංකාව ගෙන යාම සිය අභිප්‍රාය බවද මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

එමෙන්ම ශ්‍රී ලංකාව ඉන්දියාව සමග සෑම විටකම කිට්ටු සම්බන්ධතාවයක් පවත්වන බවත් ඉන්දියාවේ රුචිකත්වයට හානිකර දෙයක් සිදුකිරීමට කිසිදු අවශ්‍යතාවයක් නොවන බවයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේ.


(under the courtesy of nethnews.lk news web)

Related posts

අන්තරේ තවත් 02ක් අල්ලයි

Shiran Viraj

විග්නේෂ්වරන් නිසා උතුර බෙදෙයි?

Shiran Viraj

ලංකාවේ තෙල් නැති නිසා විදෙස් ගුවන් යානා මගී ගමන් මළු දමා එති..

Shiran Viraj