mediahumanrights.lk
Local NewsNews

අන්තවාදී දේශන ඇතුළත් කැසට් පට 14ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

රාජගිරිය ප්‍රදේශයේදී මුස්ලිම් අන්තවාදී දේශන ඇතුළත් බවට සැක කෙරෙන කැසට් පට 14ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්යය බළකා ජයවරුධනපුර කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙයි.

එහිදී කොච්චකඩේ කතෝලික දේවස්ථානයේ ඡායාරූප ඇතුලත් පත්‍රිකාවක් සහ ජංගම දුරකතනයක් ද පොලිස් විශේෂ කාර්යය බලකාය බාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා වැලිකඩ පොලීසියට භාරදුන් බව පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේය.
(under the courtesy of adaderana.lk news web)

Related posts

මෝටාර් ප්‍රහාරයකින් රුසියානු ප්‍රහාරක යානයකට හානි

Shiran Viraj

කොඳුඇටපෙළ ඇදවන අය මේ කසාය බීලා බලන්න

Shiran Viraj

මැද පෙරදිග යුද වාතාවරණය නිසා මෙරට තේ අපනයනය සහ ගුවන් ගමන් බරපතළ අර්බුදයක

Shiran Viraj
Translate »