mediahumanrights.lk
International NewsNews

විලියම් කුමරු ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථානයට යයි

නවසීලන්තයේ සංචාරයක නිරත විලියම් කුමරු පසුගිය මාර්තුවේ 42 දෙනකුට මරු කැඳවමින් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූ ක්‍රයිස්චර්ච් මුස්ලිම් දේවස්ථානය වෙත ද පැමිණියේය‍.

ඒ සඳහා අමාම් ගමාල් ෆොඩා් සහ නවසීලන්ත අගමැතිනී ජසින්ඩා අර්ඩ්න් ද එක්ව සිටියහ. ක්‍රයිස් චර්ච් ප්‍රහාරයෙන් විපතට පත් වූවන් ගේ සමීපතමයන් හමු වූ විලියම් කුමරු තම මව වන ඩයනා කුමරිය මිය ගිය මොහොතේ තමන් ලද වේදනාව ඔවුන් සමඟ බෙදා ගනු ලැබීය. එම ප්‍රහාරයෙන් තුවාල ලබා කෝමා තත්ත්වයේ සිට පසුගිය සුමානයේ පියවි සිහිය ලද කුඩා දරුවකු බැලීමට ඔහු ස්ටාර්ෂිප් ළමා රෝහල වෙත ගියේය.

සිව් හැවිරිදි ඇලෙන් අල්සාති විලියම් කුමරු සමඟ ඉතා සැහැල්ලු කතා බහක නිරත වූ වූවාය. නවසීලන්තයේ දින දෙකක සංචාරයක් ආරම්භ කළ කේම්බ්‍රිජ් ආදිපාදවරයා මෞරි සම්ප්‍රදායෙන් එරට අගමැතිනිය විසින් පිළිගනු ලැබුවාය. ඒ අනුව විලියම් කුමරු සිය සංචාරය ආරම්භ කරනු ලැබුවේ අගමැතිනි ජසින්ඩා එකිනෙකාගේ නාසය (හොන්ගි) තද කරමිනි. නවසීලන්ත අගමැතිනි ජසින්ඩා අර්ගන් එළි‍සබෙත් රැජිණ ගෙන් කළ ඉල්ලීමකට අනුව ඇය වෙනුවෙන් විලියම් කුමරු මෙම සංචාරයට එක් වී ඇත.

Related posts

ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්

Shiran Viraj

ඇමරිකාවේ කොරෝනා මරණ බියකරු ලෙස ඉහලට.. ඊයේ දින පමණක් 2400පනී.. බි‍්‍රතාන්‍ය දෙවැනි තැන ගනී..

Shiran Viraj

නයනතාරා රවීන් පෙම් දැලක පැටලිලාද?

Shiran Viraj
Translate »