mediahumanrights.lk
Local News News

ගුවන්තොටුපළට පිවිසීමට විකල්ප මාර්ග භාවිත කරන්න

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පවතින ආරක්ෂක කටයුතු හේතුවෙන් කටුනායක ගුවන්තොටුපළ අවට දැඩි රථවාහන තදබදයක් පවතියි.  මේ හේතුවෙන් ගුවන්තොටුපළ ප්‍රධාන කළමනාකරු විසින් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී සිටින්නේ ගුවන් තොටුපළට පැමිණෙන මගින් හට විකල්ප මාර්ග භාවිත කිරීම හරහා ඇතිවී තිබෙන රථවාහන තදබදය අවම කර ගත හැකි බවයි.

ඒ අනුව කටුනායක කොළඹ අධිවේගී මාර්ගයට පිවිසිමට මිනුවන්ගොඩ සිට පැමිණෙන රථ වාහනමිනුවන්ගොඩ ජාඇල මාර්ගය භාවිතාකොට අධිවේගී මාර්ගයට පිවිසීම සදහා ජාඇල පිවිසුම භාවිත කරන ලෙස දැනුම් දෙනවා. ඊට අමතරව කටුනායක කොළඹ අධිවේගී මාර්ගය ඔස්සේ මිනුවන්ගොඩ කුරුණෑගල ප්‍රදේශ වලට පිවිසීමට නියමිත වාහන ජාඇල මිනුවන්ගොඩ මාර්ගය භාවිත කළ හැකියි.

මිනුවන්ගොඩ දෙසින් සිදුව මිගමුව හා කටුනායක අවට ප්‍රදේශ වලට ගමන් කරන හා එම ප්‍රදේශ වලින් මිනුවන්ගොඩ යාමට ඇති රථ වාහන හැකිතාක් ගුවන්තොටුපළ ඉදිරියෙන් දිවෙන කටුනායක මිනුවන්ගොඩ මාර්ගය මගහැර විකල්ප මාර්ග භාවිත කරන ලෙසයි මෙහිදී දැනුම් දී ඇත්තේ.

Related posts

"බුදුන්ගේ පච්චය තියෙන්නේ ඕන ඉණට ඉහළින්ආ..යෙත් ලංකාවට ගියොත් කරදර කරන්න පිරිසකුත් ඉන්නවා" – අධිකරණයෙන් වන්දි දුන් සුදු කත කියන කතාව

Shiran Viraj

ඩීසල් ලීටරයකින් රුපියල් 10ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 17ක් පාඩුයි.. බදු අඩු නොකරන්නේ නම් ඉන්ධන මිල වැඩි කරන්න වෙනවා…

Shiran Viraj

කොළඹ නගරයේ පැල්පත් ඉවත් කිරීම ගැන නිවාස අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

Shiran Viraj