mediahumanrights.lk
NewsPolitical

අපිට අවශ්‍ය පම්පෝරි ගහන අය නොවෙයි

හරියාකාරව තමන්ගේ වැඩකටයුතු සිදු කරවාද, මේ ආකාරයෙන් ඉදිරියට යාමට හැකිවෙයිද, දුර්වලතා තිබෙවාද, නිවැරදි කළයුතු තැන් මොනවාද යන්න පිලිබඳව පක්ෂය විසින්ම නිරීක්ෂණය කිරීම මේ වන විට සිදු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ උප නායක විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

 ඒ සම්බන්ධයෙන් පක්ෂයේ සියලුම දෙනා නිර්භීතව තීන්දු ගෙන වැඩකටයුතු කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ “සිරිකොත ගමට” පක්ෂ ප්‍රවර්ධන සහ දැනුවත් කිරීමේ කළුතර දිස්ත්‍රික් ඊයේ (10) පැවති වැඩසටහනට සහභාගි වෙමින්.

පක්ෂයට අවශ්‍ය වන්නේ ජනතාව සමග සිටින,  වැඩකරන අය මිසක්, පම්පෝරි ගහන පිරිස නෙවන බවද අමාත්‍යවරයා එහිදි පැවසීය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර මහතාට මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුනවැවේ ධම්මරතන හිමියන් විසින් දැඩි ලෙස දෝෂාරෝපණය කරයි.

Shiran Viraj

සහන මෙහෙයුම් අතරතුර ඩ්‍රෝන යානා පියාසර නොකරන්න: ගුවන් හමුදාවෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්

Shiran Viraj

රාජිත නැවතත් සෞඛ්‍ය ඇමති වුනොත් දැඩි අර්බුදයක් මතු වෙයි

Shiran Viraj
Translate »