27.8 C
Colombo
2026-08-05
mediahumanrights.lk
NewsSportsSports News

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙනුවෙන් නව නීති අගමැති යෝජනා කරයි

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් දේශපාලනය ඉවත් කිරීම සඳහා නව නීති ගෙන ආ යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා.

ඒ, අරණායක පැවැති උත්සවයකට එක්වෙමින්. 

එහිදී “අපේ ක්‍රිකට් කණ්ඩායම ආපහු ක්‍රිකට් තරගයක් දින්නා. මම හරීන් ප්‍රනාන්දු ඇමතිතුමාට කිව්වා.. මෙතනින් මේක හරියන්නේ නෑ.. ක්‍රිකට්වලින් දේශපාලනය අයිං කරලා දාලා අලුත් නීතියක් ගේන්න..නැත්නම් අපි පරණ තත්ත්වයටම ආපහු වැටෙනවා කියලා. ” යනුවෙන් සඳහන් කළා.

රටේ ආර්ථික තත්ත්වය හා අධ්‍යාපනය සම්බන්ධයෙන් ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී අදහස් පළ කළා. 

ශ‍්‍රමය පදනම් කරගත් ආර්ථිකය වෙනුවට ශිල්ප, දැනුම හා තාක්ෂණය පදනම් කර ගත් ආර්ථිකයක් ගොඩනැගිය යුතු බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ. 

(under the courtesy of nethnews.lk news web)

Related posts

මූල්‍ය බුද්ධි ඒකකය චීනය හා භූතානය සමඟ ගිවිසුම්වලට අත්සන් තබයි

Shiran Viraj

ප‍්‍රමිතියෙන් තොර යතුරුපැදි 'හිස්වැසුම්' සොයා වැටලීම් අරඹයි

Shiran Viraj

සජිත්ගේ විශේෂ ප්‍රකාශයේ ප්‍රශ්නවලට දිනේෂ් ගුණවර්ධන පිළිතුරු දෙයි

Shiran Viraj
Translate »