2026-01-12
mediahumanrights.lk
NewsPolitical

නැගෙනහිර බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවන්න අකිලගේ අවධානය

නැගෙනහිර පළාතේ බෞද්ධ අධ්‍යාපනික පුනරුදය ශක්තිමත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව දීඝවාපිය රාජමහා විහාරස්ථානයේ සහ අරන්තලාව ශ්‍රී ඉන්ද්‍ර සාර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නව භික්ෂු මධ්‍යස්ථාන 02 ක් ආරම්භ කිරීමට අමාත්‍යවරයා පියවර ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංසශය සඳහන් කළේය.

මේ අතරින් එක් බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට නියමිත ඓතිහාසික දීඝවාපිය රජමහා විහාරය නැගෙනහිර පළාතේ පිහිටි ප්‍රධානතම විහාරස්ථානය ලෙසද සැලකෙයි.

මේ අතර අරන්තලාව ප්‍රදේශය අයත් වන මහඔය සහ පදියතලාව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකටම එක් පිරි‍වෙණක් පමණක් තිබීම කෙරෙහි අමාත්‍යවරයාගේ අවධානය යොමුව තිබේ.

(under the courtesy of adaderana.lk news web)

Related posts

පුද්ගලික ආයතන සේවක පඩි ගෙවන්න සල්ලි අච්චු ගහන යන්ත‍්‍ර ඉල්ලයි..

Shiran Viraj

සංස්ථාවේ ඉන්ධන තොග අවසන්..? එක තෙල් නැවක් ගෙන්න රටේම ඩොලර් නෑ… LC රිටන් වුනොත් තෙල්, ගෑස් කදුලක්වත් නෑ..

Shiran Viraj

ලොව වයස් ගතම පුද්ගලයා මිය යයි

Shiran Viraj
Translate »