mediahumanrights.lk
News Sports Sports News

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයට යයි

නවසීලන්ත තරග සංචාරයට එක්වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඊයේ (03) රාත‍්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියා.

මෙම තරග සංචාරයේදී දෙරට අතර ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 03ක් සහ පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයක් පැවැත්වීමට නියමිතයි. 

පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන 15 වැනිදා වෙලින්ටන්හි දී ආරම්භ වනවා.

17 දෙනෙකුගෙන් සමන්විත ශ‍්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ලහිරු තිරිමාන්න සහ නුවන් ප‍්‍රදීප් ද ඇතුළත්. පන්දු යැවීමේ ඉරයව් නීති විරෝධි බවට චෝදනා එල්ල වූ අකිල ධනංජය නවසීලන්ත ටෙස්ට් තරග සංචාරයට ඇතුළත්ව නැහැ.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලියේදී දිනේෂ් චන්දිමාල් ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙසත්, දිමුත් කරුණාරත්න උප නායකයා ලෙසත් කටයුතු කරනවා. 
(under the courtesy of nethnews.lk news web)

Related posts

රාජ්‍ය සේවයේ රැකියා කරන්න තරුණ ප්‍රජාව කැමතියි

Shiran Viraj

හමුදා සෙට් එකක් හෙදිය දූෂණය කරයි – වෛද්‍යවරයා අත්අඩංගුවට

Shiran Viraj

හලාවත ධීවරයෝ පොලිස් නිලධාරියෙකුට ගස් බැද පහර දෙති..

Shiran Viraj