mediahumanrights.lk
International NewsNews

කාන්තාවන් දෙදෙනෙක් ගෙල කපා ඝාතනය කරයි

මොරොක්කෝව රාජ්‍යයේ ඇට්ලස් කදුවැටිය ප්‍රදේශයේ තිබී ස්කැන්ඩිනේවියානු කාන්තා සංචාරකයන් දෙදෙනෙකුගේ මලසිරුරු සොයාගෙන තිබේ.

ගෙල කපා ඝාතනය කර තිබූ එම  කාන්තාවන් දෙදෙනාගේ මල සිරුරු ඇට්ලස් කඳුවැටිය ඉහල ප්‍රදේශයේ තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

කාන්තාවන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් ඩෙන්මාර්ක් හා නෝර්වේ රාජ්‍යයන්වල වෙසෙන ඔවුන්ගේ ඥාතීන් වෙත දැනුම් දී ඇති බව මොරොක්කෝ රාජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේය.

ඝාතනය සිදුකළ පුද්ගලයා මොරොක්කෝවේ මරකේෂ් නගරයේදී අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

පසුගිය 09 වනදා සංචාරයක් සඳහා මොරොක්කෝව රාජ්‍ය වෙත පැමිණි එම කාන්තාවන් දෙදෙනාගෙන් එක් අයෙකු විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක් ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

(under the courtesy of adaderana.lk news web)

Related posts

අමාත්‍යාංශ 38 ක්‌ අසාර්ථකයි

Shiran Viraj

“පුළුවන්නම් මහින්ද අගමැති කරන්න සුළුපක්ෂ සහය ආණ්ඩුවට“ – තිගාම්බරම්

Shiran Viraj

රනිල් එයි.. ‘පුළුවන් ශ‍්‍රී ලංකා’ ස්ටිකර් ත‍්‍රිවිල්වල අලවයි..

Shiran Viraj
Translate »