2026-01-22
mediahumanrights.lk
Local NewsNews

රනිල් ඉවත් කරන්න පෙර සිටම ජනපතිට සුදානමක් තිබුණා

හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීම සඳහා විශ්වාසභංගයේදී ඡන්දය භාවිත කිරීමට අවස්ථාව තිබු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා පවසයි.

දෙරණ 360 වැඩසටහනට ඊයේ(12) එක්වෙමින් ඒ මහතා මේ අදහස් පළකළේය.

හිටපු අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉවත් කිරීමට සඳහා කලින් සිට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ හිතේ තිබු බව හිටුපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම හිටපු අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ධූරයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය වුවානම් විශ්වාසභංගයේදී තම පක්ෂයේ සමාජීකයින් විශ්වාසභංගට පක්ෂව ඡන්දය ලබාදීම සඳහා මෙහයවීමට හැකියාව තිබු බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

සිරිසේන කරන්නේ අමු ජඩ වැඩමයි.. සිරිසේනට හෝ ඔහුට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා..

Shiran Viraj

ඉන්ධන හා ගෑස් මිල අඩු කරයි…

Shiran Viraj

පුද්ගලයෙක් පැහැර ගෙන ගොස් ඝාතනය කළ සැකකරුවන් 09 දෙනාට අධිකරණයෙන් දුන් තීන්දුව

Shiran Viraj
Translate »