mediahumanrights.lk
NewsPolitical

බහුතරය තීරණය කිරීමට අද නමින් ඡන්දයක්

පාර්ලිමේන්තුවේ බහුතරය තීරණය කිරීම සඳහා අද (16) නමින් ඡන්ද විමසීමක් සිදු කෙරෙනු ඇතැයි එක්සත් ජාතික පක්ෂය පවසනවා. එහි මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අකිල විරාජ් කාරියවසම් පැවසුවේ ජනාධිපතිවරයා සමග ඊයේ එළඹි එකඟතා අනුව මෙම ඡන්ද විමසීම සිදු කෙරෙන බවයි.

පාර්ලිමේන්තුවේදී සංවරව හැසිරෙන ලෙස ජනාධිපතිවරයා සියලූ පාර්ශවවලින් ඉල්ලීමක් කළ බවද මෙහිදී සිහිපත් කෙරුණා. කිසිවෙකු හෝ කළහකාරීව හැසිරුණහොත් ඒ සම්බන්ධයෙන් තමන් පියවර ගන්නා බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ බවයි අකිල විරාජ් කාරියවසම් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර මුලින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාවේ පළමු වාක්‍ය ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීම පිළිබඳව ද නෙත් නිවුස් මෙහිදී විමසීමක් කළා. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම රැස් වී ඒ පිළිබඳ තවදුරටත් සාකච්ඡා කරන බවයි අකිල විරාජ් කාරියවසම් මන්ත‍්‍රීවරයා කියා සිටියේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

Google introduces Neural Networks API in DP of Android 8 Developer Review

Shiran Viraj

වත්මන් ආණ්ඩුව රටම අරාජික තත්ත්වයට පත් කරලා

Shiran Viraj

රයි­ගම් ටෙලීස් ජන­ප්‍රි­යම නළුවා තුමිඳු දොඩ­න්තැන්න දැන් ලංකාවේ ජන­ප්‍රිය වෙන්නේ වීරයා නෙමෙයි ප්‍රති­වී­රයා

Shiran Viraj
Translate »